මුහුණුපොත එහෙමත් නැත්නම් ෆේස්බුක් නිසා මේ වනවිට සමාජයේ ප්‍රශ්න රාශියක් ඇති වී හමාරයි. වෙනත් රටවල් වල විතරක් නෙවෙයි අපේ රටේත් මේ වෙනකොට ෆේස්බුක් නිසා මිය ගිය අය බොහොමයක් වාර්තා වෙලා තියෙනවා. තවත් ඒ වගේම සිදුවීමක් තමයි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..
යහලුවන් විදියට හඳුනාගත්ත බැංකු නිලධාරිනියක් සමගින් පුරා වසර 06ක පෙම් සම්බන්ධතාවක් පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයෙක් පෙම්වතියගේ නිවසටම පැමිණ රසායනික ද්‍රව්‍යයක් පානය කර මියයෑමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.
තරුණියගේ නිවසට මේ තරුණයා ඉකුත් අගෝස්තු මස 29 වැනි දින පැමිණ ඇති අතර එහි නාන කාමරය තුළට ගොස් ඔහු මෙසේ රසායන මිලි ලීටර් 120ක් පානය කිරීමෙන් පසු බරපතළ ලෙස රෝගාතූර වී දින 19ක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත. එසේ සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම ව්‍යාපාරිකයා විපුල කුමාර ඇල්විටගල නම් වූ වයස 29ක පුද්ගලයෙකි.
අනුරාධපුර කැකිරාව නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සේවයේ කරන බැංකු නිලධාරිනියක් වන නිමානි හිරුණිකා නම් තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේ දී අදාල තරුණයා හා ඔවුන්ගේ පෙම් සම්බන්ධතාව පිළිබඳ සාක්කි ලබාදුන් අතර ඇය එහිදී මෙසේ පවසා ඇත.
‘‘2009 වසරේ අන්තර් ජාලයෙන් (මුහුණු පොතින්) මා මියගිය අය හඳුනා ගත්තා. ඉන්පසු අප දෙදෙනාට දෙපාර්ශවයේම කැමැත්ත ද ලැබුණා. ඔහු මාස දෙකකට පමණ වරක් මාගේ නිවෙසට ආවා ගියා. මා බැංකු නිලධාරිනියක් වශයෙන් සේවය කරන නිසා සුහද හමුවලට සහ හිතමිතුරන්ගේ සාදවලට සහභාගී වීමට සිදුවුණා. ඔහු ඒ සඳහා මා හට විවිධ තහංචි පනවනු ලැබුවා. අපේ හඳහන් ද නොගැලපීම නිසා මා ආදර සම්බන්ධතාව නැවැත්වූවා.
අගෝස්තු මස 29 වැනිදා 01.45 ට පමණ විපුල කුමාර පයින්ම අපගේ නිවෙසට පැමිණියා. පැමිණ මාත් අම්මාත් සමඟ කතා කළා. නැවත රණ්ඩු කිරීමට අවශ්‍ය නැහැ කියා කිවුවා. අපගේ සම්බන්ධය නොනවත්වන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගෙන ඉන් භාගයක් පානය කර ඉතුරු වතුර ටික ඔලුවේ හලා ගත්තා.
ඉන්පසු දිය නැම සඳහා තුවායක් ද ඉල්ලා ගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තා. ටික වේලාවකින් නාන කාමරයේ වීදුරුවක් කැඩෙන හඩ ඇහුනා. අපි කලබල වී නාන කාමරයේ දොර ඇර බලද්දී ඔහුගේ කට වටේ සුදුපාට පෙන වගේ තිබුණා.
ඔහු මට කතා කර ඔයාගේ දෙපාමුල මැරෙන්න ඕනේ කියා කිවුවා. මම විපුල කුමාරව දෑතින් අල්ලා ගත්තා. අසැල්වැසි වෛද්‍යවරයකු සහ අසැල්වැසියන් සමඟ එක්වී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා.‘‘
මියගිය තරුණයා විසින් සිය ප්‍රේමවන්තියට ලියු පිටු 14 කින් යුතු සවිස්තරාත්මක ලිපියක් ද පොලීසිය මඟින් පොලිස් භාරයට ගෙන මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.