ඇය ‘සිංහල සිනමාවේ දගකාරියයි...‘හැබැයි ඒ සහතිකය වෙන කාටවත් නොදී අවුරුදු 26ක් විතර තමන් සන්තකේම තියා ගත්තේ ලෝභ කමකට නං නෙවෙයි. ඇය තරම් වෙන කිසිම කෙනෙක්ට අපේ හිත හොරකං කරන්න බැරි වුණ නිසයි. ඒ වගේමයි අපෝ දැන් එයා වයසයිනේ කියන්න අපේ දිව තාම නැවෙන්නේ නැත්තේ ඇය තාම තරුණ නිසයි.
දිල්හානි අශෝකමාලා ඒකනායක, අපි මේ ඇය එක්කයි කතාකරන්න හදන්නේ. ගිය 19 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු කේ.සේරා චිත්‍රපටියෙන් ඇය ආයිත් කරළියට ඇවිත්. ඒ නිසා මේ සතියේ Hiru Gossip Call කරා දිල්හානිට.
ලගදීම හිරු ටීවී ගෙනඑන අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිසා ඇය බොහෝම කාර්යබහුල වෙලා හිටියේ. ඒ වුණත් ඔබ වෙනුවෙන් උත්තර දෙන්න විනාඩි 5ක් ඇය ගාව තිබුණා. ඒ පොඩි වෙලාවෙදි ඔබේ හිතේ තියෙන ප්‍රශ්ණ ඔක්කෝම අපි ඇගෙන් ඇහුවා. අපරාදේ කියන්න බෑ උත්තර නං දුන්නා නියමෙට....
ප්‍රශ්නය - කට්ටියක් දිල්හානි අශෝකමාලා කියනවා, කට්ටියක් දිල්හානි ඒකනායක කියනවා... ඇයි මේ නම් දෙකක්?
උත්තරය - දිල්හානි අශෝකමාලා ඒකනායක කියන නමනේ ඔය දෙකට කඩාගෙන තියෙන්නේ.
ප්‍රශ්නය - ඔබ ආස කොමඩි Films වල රගපාන්නද? සම්භාව්‍ය Films වල රගපාන්නද?
උත්තරය - දෙකටම ආසයි...
මෙතනින් එහාට අපි දිල්හානිගෙන් ඇහුවේ 18+ ප්‍රශ්න ටිකක් . ඇය රගපාපු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ගැන, ආයිත් එහෙම ඒවල රගපානවාද කියලා වගේම, ඇයට ලැබුණු අනියම් යොජනා ගැනත් අපි කෙලින්ම ඇහුවා. ඒ කතා බහේ ඔක්කෝම තියෙන මේ සතියේ Hiru Gossip Call එකට මෙතනින් කන් දෙන්න...
සටහන හා සංවාදය - සජීව ද සිල්වා
ගිය සතියේ Hiru Gossip Call එක මෙතනින් අහන්න....
Hiru Gossip Call – ‘කසාද බඳින්නවත් මම රැවුල කැපුවෙ නෑ...‘ විකට රජා ටෙනිසන් කුරේ උත්තර දෙයි.