Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
08
ලොව ලොකුම උකුල හිමි කාන්තාව

- ලොව ලොකුම උකුල හිමි කාන්තාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

111 Views

අතීතයේ විසු කවියන් පවසා තිබුණේ පුළුල් උකුල හා මිටින් ගත හැකි ඉඟ සුඟ කාන්තා රූපයට ආභරණයක් කියායි. නමුත් මෑතකදී ලොස් ඇන්ජලීස් නුවර 39 හැවිරිදි මිකෙල් රෆ්නෙලි නම් ලෝක වාර්තාවක් තියා තිබුණේ අඩි අටක වට ප්‍රමාණයකින් යුත් ‘මෙගා උකුලකට” හිමිකම් කියමිනුයි.

මිකෙල් දරුවන් හතර දෙනෙකුගේ මවක්. ඇයගේ ශරීරයේ බර රාත්තල් 420ක් වෙනවා. අන් අයට ඇයගේ බර මෙන්ම ශරීරයේ හැඩයද ගැටලුවක් වුණාට මිකෙල්ට නම් එය කිසිම විශේෂත්වයක් නැති හැඩයි. “මගේ ඇඟේ හැඩයට හරිම කැමතියි. අනික මම ආහාර පාලනය කළ යුතුයි කියලා හිතන්නෙ නැහැ. මොකද මට සෞඛ්‍යමය ගැටලුවක් නැති නිසා.” යනුවෙන් පවසනවා.

මිකෙල්ගේ පුළුල් උකුල් තලයට සමානුපාතිකව ඇගේ ඉණ අඟල් 40ක් වෙන බවයි පැවසෙන්නේ. මෙසේ මැනිය නොහැකි ශරීර හැඩයකින් යුත් මිකෙල් Big Beautiful women website හි මෝස්තර නිරූපිකාවක් ලෙස සිය හැකියාවන් ප්‍රදර්ශනය කරන අතර ඇය එක් නිරූපණයක් සඳහා ඇමරිකන් ඩොලර් දාහක් (1000) අය කළ බවයි පැවසෙන්නේ.

මෙවැනි විශාල උකුලකට හිමිකම් කියන මිකෙල් හට ඉඳ ගැනීමට ඇයගේම ඇඟට හරියන විදිහට යකඩවලින් නිර්මාණය කළ පුටුවක් නිමවා තිබෙනවා. ඒ වගේම ඇයට ගමන් බිමන් යාමට මෝටර් රථ පාවිච්චි කිරීමට අපහසු බැවින් මිකෙල් තම එදිනෙදා ගමන් යාම සඳහා ට්‍රක් රථයක් භාවිතා කරනවාලු.

එපමණක් නොවේ ඇය නිදා ගැනීමට භාවිතා කරන ඇඳ අඩි 7ක් පළල් බවකුත් පැවසෙනවා. මිකෙල්ට එහා මෙහා යමේදී දොරවල් වල උළු වසු පළල නොවන අවස්ථාවන් හිදී ඇය පැත්තකට හැරී එම ස්ථානයෙන් ගමන් කරනවාලු.

මිකෙල්ගේ ලොකුම රසිකයා වන්නේ 40 වන වියේ පසුවන ඇගේ සැමියායි. ඔවුන් විවාහ වී මේ වන විට වසර 10ක් ගතවී හමාරයි. මිකෙල්ගේ සැමියා වන රෙෆී බෘෘක්ස් සෑම දිනකම ඇය ලොව සිටින සුරූපීම කාන්තාව ලෙස ඔහු දකින බව පවසනවා.

මිකෙල් පාසල් යන අවධියේදී මේ තරම් විශාල ශරීරයක් ඇයට තිබිලා නැහැ. එවකට ඇගේ බර රාත්තල් 140ක් පමණ බවත් සඳහන්. නමුත් ඇයට ඒ දිනවලත් ලොකු උකුලක් තිබුණාලු. එය එසේ තිබියදීත් මිකෙල් මලල ක්‍රීඩාවන්හි යෙදුන බව ඇය පවසා තිබුණා. මිකෙල් අඩි 5ක් සහ අඟල් 4 උසින් යුක්ත කාන්තාවක්.

ඇගේ මේ අසාමාන්‍ය හැඩය පිළිබඳව සමහර වෛද්‍යවරු නම් පවසා තිබුණේ ඇය දිනකට කැලරි 3000ක් පමණ සිය ආහාරය සඳහා ගන්නා කාන්තාවක් නිසා ශරීරය මෙතරම් තරබාරු වන බවයි. මිකෙල් කියන්නේ “මම ඒ තරම් ආහාර ප්‍රමාණයක් ගන්නේ නැහැ. නමුත් උදේ ආහාරයට බිත්තර දෙකක් සමග සොසේජස් සහ බේකන් ගන්නා අතරම අල්ලක් විතර අල කනවා.

ඒ වගේම දිවා ආහාරයට බැදපු මාළු සමහර බැදපු අල තීරු ආහාරයට එකතු කර ගන්නවා. නමුත් රාත්‍රී ආහාරයට නම් සෑහෙන්න ලොකුයි. මම හරිම කැමතියි කුකුළු මස් බාබකියු (barbecue  Chicken) සමග බත් හෝ තලප හදන්න. මම කෑදර කෙනෙක් නෙමෙයි.  මගේ කෙටි ආහාර වේල්වලට මම රට කජු සහ ක්‍රිස්පි ආහාර ගන්නවා යනුවෙනුයි.

තම උඩ ඇඳුම් සොයා ගැනීමට එතරම් අපහසුවක් නැතත් යට ඇඳුම් හොයා ගැනීම සෑහෙන ප්‍රශ්නයක් වී ඇති බව මිකෙල් පවසයි. ඒ සඳහා ඇය වෙනුවෙන්ම ඇඳුම් මසන්නියන් දෙදෙනෙකු සිටිනවා.

“මට විශාල වෙන්න ඕනෙ නැහැ. ඒ වගේම මට මගේ උකු‍ලේ ප්‍රමාණය අඩු කරගන්න ඕනෙත් නැහැ. ලැබිච්ච දෙයින් මට සතුටු විය හැකියි.” ඇය සඳහන් කළේය.

















Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top