සීතල නත්තල උණසුම් කරමින් හිරු TV ඔබවෙත ගෙන ආ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය කලා ලෝකයේ ජනප්‍රිය තරු 125ට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව අවසන් වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී උදෑසන 9.30 සිට සවස් වන තෙක් පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලාලොවේ තරු කටයුතු කළා.
එම සුපිරි නත්තල් කලා මංගල්‍යයේදී හොඳම විලාසිතා කාන්තා ත්‍යාගය නදිනි ප්‍රේමදාසත් , හොඳම විලාසිතා පිරිමි ත්‍යාගය ධනංජය සිරිවර්ධනත් දිනාගත් අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාග හිමි කරගත්තා.
මේ අතර "හිරුත් එක්ක නත්තල්" සුපිරි නත්තල් සාදයේ හොඳම වින්දනීය කණ්ඩායාම් තේරීමකුත් සිදුවුණා.
ඒ අනුව අවසන් වරට තෙරී පත්ව සිටි ෂේන් සිං ගේ කණ්ඩායම සහ ගයත්‍රි ඩයස්ගේ කණ්ඩායම් දෙක අතරින් හොඳම වින්දනීය කණ්ඩායම ලෙස ජයග්‍රහණය කළ ෂේන් සිංගේ කණ්ඩායම රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමි කරගත්තා.
ඔවුන් එසේ වටිනා වූ මුදල් ත්‍යාග දිනාගනිද්දී එදින සහභාගී වූ සියලුම ආදරණීය කලාකරුවන්ට නත්තල වෙනුවෙන්ම සුවිශේෂී ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවුණා.