ඉන්දියාවේ වගේම අපේ රටේත් නොබලපු කෙනෙක් නැතිතරමට ජනප්‍රිය වුනු ආශිකී 2 චිත්‍රපටයේ හිටිය රාහුල් ආරෝහී දෙන්නට හැමෝම ආදරේ කලා. ඒ කතාව දිගහැරුණේ බීමත් පෙම්වතාට පණටත් වඩා ආදරේ කරන පෙම්තියක් එක්ක. මේ සුන්දර ප්‍රේම වෘතාන්තය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට ප්‍රථමයෙන්ම ගෙන එන්නටත් හිරු ටීවී සමත් වුනා.
මොන තරම් ප්‍රශ්න ජීවිතේට ආවත් මේ දෙන්නා වෙන්වුනේ නැත්තේ හිතේ තියෙන ආදරේටමයි. මේ ආදර කතාව බලලා සමහර තරුණියන්ගේ ඇස්වලට කඳුලු ආව අවස්ථා අනන්තවත් තිබුනා. ඇත්ත ලොකෙත් මේ විදියට වුනානම් කියලා හිතුව අයත් නැතුවම නෙවෙයි.
ඒ විදියට රසික රසිකාවියන්ගේ හිත් ආදරෙන් වෙලාගත්ත රාහුල් ආරෝහි එහෙමත් නැත්නම් ආදිත්‍ය ශ්‍රද්ධා දෙන්නා ඇත්තටම විවාහ වෙන්න යනවා කියන කටකතාවක් ඉන්දියාවේන් ඇහෙනවා.
මේකට හේතු වෙලා තියෙන්නේ ආදිත්‍ය ශ්‍රද්ධාට දියමන්ති මුද්දක් තැගි කරපු නිසා. මේ දෙන්නා ඇත්ත ලෝකේ පෙම්වතුන් කියන එක කවුරුත් දන්න රහසක් වෙලා තිබ්බත් මේ තරම් දුර දිග යයි කියලා කවුරුත් හිතන්න නැතිව ඇති. ආශිකි චිත්‍රපටයේ දිගහැරුණු ආදරේ අන්දරේට දැන් ඇත්ත ලෝකෙදි තටු ලැබිලා කියලා තමයි හැමෝම කියන්නේ.