ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ඉන්දියාවේ පැවති පළමු පෙළ තරගයකදී එක් පන්දුවාරයක් තුළ හයේ පහර හයක් එල්ල කළා.
Saurashtra ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයේදී Jamnagar පිළ නියෝජයන කළ ජඩේජා Amreli කණ්ඩායමට එරෙහිව මේ දස්කම දක්වා තිබුණා.
නිලාම් වැම්ජා ක්‍රියාත්මක කළ තරගයේ 15 වැනි ඕවරයේදී ජඩේජා මෙසේ හයේ පහර හයක් එල්ල කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජඩේජා එහිදි පන්දු 69 ක් තුළදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 154 ක්.
ජඩේජාගේ ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වුණා.
කෙසේ වෙතත් මේ තරගයෙන් Jamnagar පිලට ලකුණු 121 ක ජයක් හිමිවුණා.