ටික දවසකට කලින් ලංකාවේ කලා ලොවේ අය වෙනුවෙන් සුපිරි සාදයක් තිබුණා මතකද? ඔව් ඔව්, කලාකරුවෝ 300කගේ සහභාගීත්වයෙන් පැවැත් වුන Copy Chat 100 වෙනි සැමරුම තමයි ඒ. මතකනේ,
එදා දිනුම් ඇදීමකින් කලාකරුවෝ බොහෝ දෙනෙක්ට සුපිරි තෑගි පිරනැමුවා. ඒ අතරින් බැංකොක් ගිහින් එන්න ගුවන් ටිකට් පත් දිනා ගත්ත එක් වාසනාවන්තියක් වුනේ ප්‍රවීන රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක.
ඉතිං ඇය පහුගිය දවසක දුවත් එක්ක නිවාඩුවට බැංකොක් ගියා. එහෙදි කෑම කන්න ගිය එක තැනක හිටපු සුරූපී වෙටර්වරියක් ලග මැණිකෙගේ හිත නැවතුනා. ඇය එතන තාලෙට පැද්දෙමින් අපූරුවට පාරිභෝගිකයන්ට සලකන මේ ගැහැණු ළමයව මැණිකේ තමන්ගේ දුවටත් පෙන්නුවා.
මේ යුවතියගේ මූණ බලන්න හිතාගෙන ඊළග දවසෙත් අර තැනටමයි මැණිකේ කන්න ගිහින් තියෙන්නේ.
එදා මැණිකේ අත්තනායක හිතාගෙනම ආවේ කොහොම හරි මේ තරුණිය එක්ක වචනයක් හරි කතා කරන්න ඕන කියලා. ඉතිං මැණිකේ අත්තනායක ඒ තරුණියට කතා කරලා. එතකොට වේටර්වරිය කටහඩ අවදි කරාමයි තේරලා තියෙන්නේ මේ තරුණියක් නෙවෙයි පිරිමි ළමයෙක් කියලා.
මේ ඇබැද්දිය අපි දැන ගත්තේ ගිය ඉරිදා. Copy Chat වැඩසටහනට ආපු වෙලාවෙයි ඇය මේ කතාව රස කර කර කිව්වෙ. මේ බලන්නකෝ...