ගල්ගමුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජන ජීවිතයට වල් අලින්ගෙන් සිදුවන තර්ජන නිසා ගල්ගමුව ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන කිහිපයකටහ වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
ඒ අනුව ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ බුදුරුව කන්ද , වන්නි අමුණුකොල සහ ඇහැටුවැව යන ප්‍රදේශවල පිහිටා ඇති විභාග මධ්‍යස්ථාන වලටයි මෙලෙස වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී ඇත්තේ.
උදෑසන 6.30 සිට සවස 3.30 දක්වා මෙලෙස අලින්ගෙන් විභාග මධ්‍යස්ථාන බේරාගැනීමට වනජීවී ආරක්ෂාව යොදවා තිබෙනවා.