ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි ගුරාජාපූර් දේවාලයේ වාර්ෂික උත්සවයකට ගෙන ආ ඇතුන් කණ්‌ඩායමක් කලබල කිරීම නිසා එක් අයෙක් මියගොස් 12 ක් තුවාල ලබා ඇති බව වාර්තාවනවා.
මෙම දේවාලය සමීපයේ පිහිටි මාර්ග බාධකයක් කඩා දැමූ ඇතෙක් බැතිමතුන් සිටි ස්‌ථානය වෙත ගමන් කිරීමත් සමගම අනිත් ඇතුන් කලබලයට පත් වී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැහැ.