ශ්‍රි ලංකා - ඉන්දියා දෙවන එක්දින තරගයේ ජය හිමිවුණේ ඉන්දියාවට.
මේ තරගය ආරම්භ වීමට පෙර හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා අතරේ සිදුවූ සිදුවීමක් පිළිබඳ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ තරගයට පෙර ව්‍යායාම්වල යෙදුණු අවස්ථාවේදී ඔවුන් දෙදෙනා තරගකාරී ලෙස පිටිය මැදදී දිය යාමයි.
කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනි මේ වන විට 36 වැනි වියේ පසුවන අතර හර්දික් පසුවන්නේ 24 වැනි වියේයී.
එම අවස්ථාවේ යොවුන් ක්‍රීඩකයා හා කරට කර සටනක නිරත වන්නට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට හැකිවීම ගැන බොහෝ දෙනෙකු විවිධ මත පළ කර තිබුණා.
වීඩියෝව පහතින්...