හම්බන්තොට ප්‍රදේශයේ පාසලක් අසල කරගෙන ගිහින්...
කාමරයක තිබී උපත් පාලන කොපු 10ක්ද සොයාගෙන.
හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ පාසලක් අසල ලැගුම්හලක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා කාන්තාවන් දෙදෙනෙකු හා චීන ජාතික පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හා හම්බන්තොට පොලීසිය ඊයේ (13) පස්වරුවේ සමත් වුණා.
තංගල්ල කොට්ටාශ පොලිස් අධිකාරීවරයාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව තංගල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හා හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ඊයේ (13) පස්වරුවේ හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ පාසලක් අසල පවත්වාගෙන ගිය මෙම ලැගුම්හල වැටලීමට ලක්කර තිබුණා.
නිලධාරීන් ලැගුම්හල පරීක්ෂා කිරීමේදී ගණිකා සේවයේ යෙදවීමට සිටි 20 හා 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් හා චීන ජාතික පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර කාමරයක තිබී උපත් පාලන කොපු 10ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මහියංගනය හා ගිරිඋල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්දිය සම්බන්ධයෙන් ලැගුම්හල් හිමිකරු ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.