යාපනය, ආනෙයි කොට්ටෙයි, සෝමසුන්දරම් ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් මදුරු දැලකින් ගෙල වැළලාගෙන මියගොස් ඇතිබව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ 18 හැවිරිදි යාපනය සන්ඩිලිප්පායි පාසලේ උසස් පෙළ හදාරමින් සිටි දැරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දැරියගේ මව විසින් රාත්‍රියේ මදුරුවන්ගෙන් ප්‍රවේශම් වීම සඳහා ඇයට මදුරු දැල තුළ නිදියගන්නා ලෙස දැඩිව අවවාද කර තිබෙනවා.
මෙයට උරණ වූ දැරිය මදුරු දැල යොදාගෙන ගෙල වැළලාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙය කෝපයට කළ දෙයක් ද? විහිළුවට කළ දෙයක් ද? යන්න සැකයක් පවතින බවයි ඇයගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දැරියගේ දේහය දෙමාපියන්ට භාර දී ඇති බව අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළා.