Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
ගංජා මතින් ඔලුව විකාර වූ සෙබළ සැමියා මනෝ විකාරයෙන් කළ අහස පොළොව නුහුලනා අපරාධයේ සුලමුල හෙලිවූ හැටි

- ගංජා මතින් ඔලුව විකාර වූ සෙබළ සැමියා මනෝ විකාරයෙන් කළ අහස පොළොව නුහුලනා අපරාධයේ සුලමුල හෙලිවූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
‘‘මං දැක්කා ඒකි තාත්තගේ කාමරේ ඉඳන් එළියට එනවා“
‘‘ඇඳුමත් එහෙ මෙහෙවෙලා තිබුණේ“
‘‘දවස් ගාණකින් මේකි මගේ ළඟට ආවේ නෑ...“

“බංඩයියට සර්පයෙක් දෂ්ඨ කරලා සියඹලා ගහ ළඟ වැටිලා ඉන්නවා. පොළගෙක් දෂ්ඨ කරල තමයි මැරිලා තියෙන්නේ කියලා තමයි ආරංචිය.”

ඇලපත්ගම ගම්මානයේ පදිංචිව සිටි බංඩයියාගේ මරණය පිළිබඳව මෙලෙස ආරංචි පැතිර ගියේ පැයක් යන්නට ද මත්තෙනි. ගම්මානයේ කාත් කවුරුත් සමඟින් ඇයි හොඳයිකම් පැවත්වූ බංඩයියාගේ මරණය පිළිබඳව ආරංචිය එසේ පැතිර යද්දී බොහෝ පිරිසක් රෑ දෙගොඩ යාමය නොතකා පැමිණි ඔහු මියගොස් සිටි සියඹල ගස ආසන්නයට එක්රැස් වූයේ “අනේ අපොයි” කියමිනි.

තන්තිරිමලය පොලිස් වසමේ මහ සියඹලාගස්වැව ඇලපත්ගම පදිංචිව සිටි තිදරු පියෙකුවූ 58 හැවරිදි ප්‍රේමරත්න බංඩා මෙසේ මරා දමා තිබිණි.

බංඩයියා ගමේ කිසිවෙකුටත් අත නොපා ජීවත්වූ චරිතයකි. ඔහුට කිරි ගවයන් තිස් පස් දෙනෙකු පමණ සිටියේය. එම සතුන්ට තණ උලාකෑම හා වතුර බීම සඳහා මහ සියඹලාගස්වැව වැවට දිනපතා රැගෙන යාම ඔහුගේ පුරුද්දකි. සවස් වරුවේ හරකුන් නිවසට දක්කා ගෙන යාම ඔහුගේ දින චරියාව විය. බංඩයියා ඝාතනයට ලක්වු සැන්දෑවෙත් ඔහු සුපුරුදු පරිදි එළගවයන් සියඹලාගස්වැව වැවට ගොස් නහවා නැවතත් නිවසට රැගෙන එමින් සිටියේය.ඒ ඔහුගේ අවසන් ගමන බව ඔහු දැන සිටින්නට නැත.

බංඩයියාගේ එක් දියණියකගේ විවාහය හරි ගියේම නැත. ඇගේ සැමියා ඇය අතහැර යද්දී ඇය දෙවන කසාදයටත් මුල පුරන්නීය. එහෙත් දෙවන කසාදය මාස කිහිපයකට සීමා වන්නේ ඒ සැමියාගේ මරණයත් සමඟය. අනතුරුව දියණියගේ තුන්වන කසාදය සිදුවන්නේ හිටපු යුද හමුදා සෙබළකු සමඟය.

මාතලේ ප්‍රදේශයේ පදිංචි ඔහුද යුද හමුදාව අතහැර ගිය අයෙකි. ඔහු තන්තිරිමලය ප්‍රදේශයේ පිහිටි බිරියගේ නිවසේ නැවතී ඇය සමඟ අඹු සැමියන් ලෙස පිටත් වුවද ඔහු ගංජා සුරුට්ටුවට හා සුරාවට තදින්ම අබ්බැහිවී සිටියේය.

බමන මතින් නිවසට පැමිණෙන නිසා ඔහුගේ බිරිය ඔහු සමඟ එකට සිටිමට එතරම් කැමත්තක් දැක්වූයේ නැත. ගංජා පානය කර දිගටම පැමිණෙන ඔහු සමඟ අඹුසැමි ඇසුර ප්‍රතික්ෂේප කිරීමට ඇය කටයුතු කිරිම නිසා ඔහුගේ සිතට අමුතු ආකාරයේ සිතුවිල්ලක් ගලා එන්නේය. ඒ සිය බිරිය ඇගේම පියා සමඟ අනියම් ඇසුරක් පවත්වන බවටය. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු අතින් ඇගේ පියා ඝාතනය වීමය.

බංඩයියා මරාදමන්නට දින දහයකට පමණ ඉහතදී සිය පියාගේ කාමරයට ගොස් ඇය පැමිණෙන අයුරු ඔහු අහම්බෙන් මෙන් දුටුවේය. ඒ අවස්ථාවේ ඇගේ සැමියා හොඳින් ගංජා පානය කර සිට ඇත. බිරිය පියාගේ කාමරයට ඇතුල්වූයේ ඔහු සමඟ සබඳතාවක් පැවත්වීමට බව ඔහු සිතන්නට ඇත. මේ නිසා බෑණාගේ සිත සම්පුර්ණයෙන්ම විකෘති තත්ත්වයකට පත් විය. ගංජා මතින් මත්වූ බෑණා “උඹට මම හොඳ වැඩක් කරන්නම්” කියා සිතුවේ ඒ නිසාය.

වේලාවක් එනතුරු ඇඟිලි ගනිමින් සිටි බෑණාට බංඩයියා වැවට ගොස් දිය නාගෙන එන අයුරු දකින්නේ ඉන් අනතුරුවය. ගංජා සුරුට්ටුවක් උරා බීර මත්පැන් බෝතලයක්ද පානයකර අවසිහියෙන් සිටි බෑණා හෙමින් හෙමින් නිවසට පිය නඟන බණ්ඩයියා දෙස බලා “ඔහොම ඉඳපන් යකෝ” කියා මාමණ්ඩියගේ ගමන නතර කළේය.

“තෝ කරන දේවල් මම දන්නවා” දෙදෙනා අතර බහින්බස්වීම දුරදිග ගියේ ඉන් පසුවය. එය ගුටි බැට හුවමාරුවක් බවට පත්විය. බෑණාගේ පහරවල් හමුවේ මාමණ්ඩිය බිම ඇද වැටුණේය.

“තෝව මම අද ඉවරයක් කරනවා තිරිසනා” යනුවෙන් පවසමින් මාමාගේ පපුව මත නැගගත් බෑණා සරමෙන් මාමාගේ ගෙල සිරකර දැමුවේ සිතක් පපුවක් නැති අයකු ලෙසය.

මාමණ්ඩිය අවසන් ගමන් ගිය බව දැනගත් ඔහු හුස්ම සිර කිරීමට යොදාගත් සරමට නැවතත් ගැටයක් යොදා සිරුරට අන්දවා කරමත වූ තුවායෙන් මුහුණ වසාදමා කිසිවක් නොදන්නා අයුරින් නිවසට ගියේය.

“අද තාත්තා තවම නැත්තේ මොකද වෙනදා මේ වෙනකොට ගෙදර ඇවිල්ලනේ” බණ්ඩයියාගේ සෙසු දරුවෝ පියාගේ නොපැමිණීම ගැන කලබල වූහ.

“තව පොඩ්ඩක් බලමු ඔය කවුරු හරි එක්ක කථා කර කර ඇති” දරුවෝ කීහ. එහෙත් එන්න එන්නම රෑ බෝවීම නිසා ඔවුන්ගේ සිත් නොසන්සුන් විය. “තාත්තට කරදරයක් වගේ අපි පොඩ්ඩක් හොයලා බලමු.” සිදු කරන පවුලේ උදවිය හා අසල්වැසියන් පිරිසක් ද සමඟ ඝාතනය බෑණා ද එක් වූහ.

මධ්‍යම රාත්‍රීය කිට්ටු වන්නට තිබියදී නිවසට මීටර් තුන් හාරසියක් ඈතින් වූ විශාල සියඹලා ගස යට මුණින් අතට වැටී බංඩායියාගේ සිරුර ඔවුනට හමු විය. බණ්ඩයියා දුටු ඔහුගේ දරුවන්, බිරිය හා බෑණා ඇතුළු සියලුදෙනා මහ හයියෙන් විලාප දෙමින් හඬද්දී බණ්ඩයියාගේ සැකසහිත මරණය පිළිබඳව පරික්ෂණ පැවත්වීමට තන්තිරිමලය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණි අතර ප්‍රදේශය බාරව සිටින හදසි මරණ පරික්ෂකවරයාද එම ස්ථානයට කැඳවීය. පරික්ෂණ ඇරඹුණි. කවුරුත් කීවේ බංඩයියාගේ මරණය සැකසහිත බවය.

“විෂ සර්පයෙක් දෂ්ඨ කරලා වගේ.” මරණ පරික්ෂකවරයා කීවේය. “නමුත් අපිට මේ මරණය සැක නිසා අපි පෝස් මෝඩම් එකක් කරමු” මරණ පරික්ෂකවරයා ඥාතීන්ට කීවේය. සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරිරාගාරයට යොමු කරද්දී බංඩයියාගේ පුත්‍රයා පියාගේ මරණය ඝාතනයක් බවට සැකපහළ කළේය.

“තාත්තා මෙහෙම සරමට ගැට දාන්නෑ. මේ ගැටේ කවුරු හරි දාපු එකක්.” ඔහු කිවේය. එමෙන්ම ඔහුගේ කරේ තිබූ තුවාය මුහුණ මත තිබීම පොලිසියටද සැකයක් මතු කළේය.

“මේක මර්ඩර් එකක් වෙන්න පුළුවන්” තන්තිරිමලය පොලිසියේ ස්ථානාධිපති සිරිමෙවන් මහතා ද සැක පහළ කරමින් කීවේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම් සේනානායක මහතා බංඩයියාගේ මරණය හුස්ම සිර කිරීමෙන් සිදුවූ ඝාතනයක් බවට නිගමනය කළ අතර පපුවේ ඉල ඇට දෙකක් බිඳී තිබෙන බවද කීවේය.

කිසිවකු නොදුටු ඝාතකයා සොයා ගැනීමේ කාර්ය තන්තිරිමලය පොලිසියට පැවරුණේ ඉන්පසුවය. ඝාතනය පිළිබඳව ඇසින් දුටු කිසිවකු නැති බැවින් ඝාතකයා සෙවීම මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය. එබැවින් සැකකරු අල්ලා ගැනීමේ මූලික මෙහෙයුමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දක්ෂ නිලධාරියකු ගෙන ඒමට තන්තිරිමලය පොලිසිය තීරණය කළේය.

ඒ වෙන කවුරුත් නොව අපරාධකරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට කොටුකළ නිල සුනඛ හීරෝය.මරණය සිදුවූ ස්ථානයට පැමිණි හීරෝ පරික්ෂණ සඳහා සහයවිය. මරණය සිදුවූ ස්ථානයේ තිබූ බංඩයියාගේ තුවාය හා සරම ඉවකළ හීරෝට ඝාතකයා සොයා යන්නට ගතවූයේ විනාඩි දහයකට වඩා අඩු කාලයකි.

බංඩයියාගේ නිවසට ගිය හීරෝ නිවස තුළ එහෙ මෙහෙ දුවමින් ගොරවමින් පොලිස් නිලධාරින්ට ඝාතකයා නිවසේ සිටින බවට ඉඟියක් දුන්නේය. පොලිස් නිලධාරින් හිරෝව නිවසින් පිටතට ගෙනයාමට උත්සහ කළත් මාමණ්ඩියගේ මරණයෙන් ශෝකව සිටි හිටපු යුද හමුදා සෙබළා ආසන්නයේම ගැවසෙමින් හීරෝ ඔහුට ගොරවන්නට විය.

ඝාතකයා කවුරුන්ද යන්න ඒත්තු ගැන්වීමට හීරෝ සමත් විය. තන්තිරිමලය පොලිසියේ නිලධාරින්ට මෙන්ම පොලිස් නිල සුනඛ හීරෝගේ ස්වාමියා වන පොලිස් කොස්තාපල් (81170) සදීරද බණ්ඩයියාගේ ඝාතනයට ඔහුගේ බෑණා සැක කරන්නට විය. පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සූක්ෂමව සිදු කිරීමට පොලිසිය තිරණය කළේය.

“මල්ලී පොඩ්ඩක් මෙහෙට ආවනම් ස්ථානාධිපතිවරයා හිටපු සෙබළාට අඬ ගැසුවේය. මේක තමුන් නේද කළේ.” යුද හමුදා සෙබළා දන්න උප්පර වැට්ටි දමමින් පොලිස් නිලධාරින්ගේ කනින් රිංගීමට උත්සහ කළත් ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ වන විට බංඩයියාගේ නිවසට බොහෝ පිරිසක් රැස්ව සිටි අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් බෑණාගෙන් ප්‍රශ්න කිරීම නිසා ගම්මුන්ට ඒ පිළිබඳව ද ඇති වූයේ සැකයකි.

කළබගෑනියක් නොවන ආකාරයෙන් හිටපු සෙබළාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළත් ගම්මුන්ට ඔහු පිළිබඳව සැකසිතිණි. “සර් මූ නේද අපේ බංඩයියව මරලා තියෙන්නේ. අපි මූට වැඩේ දෙන්නම් මූව මෙතැනම ඉවරයක් කරන්න ඕන” කියමින් ගම්මු නීතිය අතට ගැනීමට සුදානම් වුවද සැකකරු කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පොලිසිය කටයුතු කළේය. ගම්මුන් කෑකෝ ගසමින් සැකකරු ඔවුන්ට දෙන ලෙස ඉල්ල පොලිසියට බල කළද නිලධාරින් ඊට එකඟ නොවීය.

ජීප් රියේ නංවාගත් බංඩයියාගේ බෑණා පොලිස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදුවිය. පොලිස් උගුලට අසුවී සිටි ඔහු කට ඇරියේ ඉන් පසුවය.

“මම තමයි සර් මාමණ්ඩිව මැරුවේ. මූ මගේ ගෑනීත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම මීට දවස් දහසකට විතර උඩදී දැක්කා ඒකි තාත්තගේ කාමරේ ඉඳන් එළියට එනවා. ඇඳුමත් එහෙ මෙහෙවෙලා තිබුණේ. දවස් දහයක් විතර වෙනවා මේකි මගේ අහලකටවත් ආවේ නෑ.” සැකකරු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියන්නට විය. ඔහුගේ කථාවත් සමඟ පොලිසියට එම කතාවේ සත්‍ය සොයන්නටද සිදුවිය. පොලිස් බුද්ධි අංශ ඇතුළු නිලධාරීහු ඉතා රහසිගතව එහි ඇත්ත නැත්ත සෙවුහ.

එහෙත් සැකකරුගේ පාපොච්චාරණයේ අසත්‍ය බව තීරණය වන්නට වැඩි දිනක් ගෙවුණේ නැත. සැකකරුගේ බිරිය ඔහු ප්‍රතික්ෂේප කිරීමට හේතුවී ඇත්තේ ඔහු අසිහියට පත්වන තුරු ගංජා පානය කර ඇයගේ පහස ලැබීමට පැමිණීම බව පොලිසිය තහවුරු කර ගත්තේය. සැකකරුගේ සිතෙහි ඇතිවූ සැකය නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතිබව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය විය. සැකකාර හිටපු හමුදා සෙබළා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top