Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
13
"ඇත්තටම මම එයාට ආදරේ කළා.." හැරීගේ පෙම්වතිය මේගන්ගේ කලින් සැමියා දැන් කරන්න යන දේ - Photos

- "ඇත්තටම මම එයාට ආදරේ කළා.." හැරීගේ පෙම්වතිය මේගන්ගේ කලින් සැමියා දැන් කරන්න යන දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
"අම්මාගෙන් තාත්තා දික්කසාද වුණු නිසා මම මානසිකව විදෙව්වා.."

"දවස් හතරක් පුරාවට විවාහ උත්සවය ගත්තා.."

මේ වසර අවසානයේ මුළු ලෝකයම වැඩිපුරම කතා කරන්නට පටන් ගත්තේ මේගන් මාකල් (Meghan Markle)ගැනයි. ඇය ගැන වැඩිපුර කතා කරන්නට හේතුවක් වුණේ බ්‍රිතාන්‍ය රජපවුලේ උරුමක්කාරියක් වූ නිසා. අප්‍රිකානු හා ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් දාව කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස් නුවර වර්ෂ 1981 අගෝස්තු මස 4 වැනිදා ඇය උපත ලබනවා. ඔහුගේ පියා Thomas Wayne Markle. ඔහු මැක්සිකානු ජාතිකයෙක්. ඇමරිකාවේ සිටි දක්ෂ හා සම්මානනීය ආලෝකකරණ අධ්‍යක්ෂවරයෙක්.

ඇයගේ මවගෙන් පියා දික්කසාද වෙන්නේ 1988 වර්ෂයේදී. ඒ වන විට මේගන්ගේ වයස අවුරුදු 6යි. ඇයට වයස අවුරුදු පහක් වෙද්දී පෙරපාසල් අධ්‍යාපනය ලබන අතර වයස අවුරුදු 11 වෙද්දී ඇයට හොලිවුඩයේ ළමා නිලියක් වෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ පියාගේ උදව්වෙන්. ඒ වගේම ඇය පෙනී සිටි වෙළෙද දැන්වීමක් ඉතා ජනප්‍රිය වීම නිසා Linda Ellerbee කියන ජනමාධ්‍යවේදිනිය ඇයගේ රංගන දක්ෂතා ගැන මුල්වරට ප්‍රවෘත්ති විකාශයක් වෙනවා. ඒ නිසා ඇය වඩාත් කතාබහට ලක් වෙනවා. එනිසාම ඇයට උසස් අධ්‍යාපනය ලබන්න හොද පාසැලක් හිමි වෙනවා. 2003 වර්ෂයේ Northwestern විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙලා තම උපාධිය හිමි කරගන්න ඇය සමත් වෙනවා.

ඒ වගේම Century City ටෙලි කතා මාලාව ඔස්සේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය කියන්නේ

" මම වාසනාවන්තම කෙල්ලෙක් කියලා මට හිතුණේ මට වයස අවුරුදු 20ක් වෙද්දී.. මගේ අම්මයි තත්තාගෙයි දික්කසාදය නිසා මම පුංචි කාලේ මානසිකව දුක් වින්දා.. නමුත් මම කොයිම වේලාවකවත් මගේ ගමන අතරමග නතර කරගෙන ජිවිතේ ආපස්සට ඇදගන්නේ නැහැ කියන දැඩි සිතුවිල්ලේ හිටියේ.. ඒ නිසා මම පුංචි කාලේ රගපාන්න යනකොට හිතුවේ ලොකු වෙලා හැමෝම ආදරේ කරන නිලියක් වෙනවා කියලා.. ඒ වගේම මට අවශ්‍ය වුණා ගොඩක් සල්ලි උපයන්න.. The War at Home කියන රුපවාහිණි ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා. 2004 වර්ෂයේ. මම හිතන්නේ ඒ නිසා තමයි මම ගැන කතා කරන්න පටන් ගත්තේ කියලා..ඒ වගේම මම ඇමරිකානු නාට්‍ය 23ක පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා.. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටි 5කටත් සම්බන්ධ වෙලා තියෙනවා.."

ඒ වගේම නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන්නේ ඇයයි.කොහොම නමුත් 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර මුලින්ම නම තිබුණේ ඇයගේ නමයි.

ඇය 2002 වර්ෂයේ සිට 2017 මේ වර්ෂය වන තෙක්ම රංගන කටයුතු සදහා සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම හැරී කුමරු සමග පෙමින් වේලීමට පෙර ඇය  ඇමරිකාවේ ජනප්‍රිය චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් වන Trevor Engelson සමග විවාහ ගිවිස ගන්නවා. ඒ 2011 වර්ෂයේදී. පසුව මේ වර්ෂයේ සැප්තැම්බර් මස 10 වැනිදා හැමෝටම හොර රහසේ මේ දෙදෙනාගේ විවාහ උත්සවය ජැමෙයිකාවේ  Ocho Rios කියන ප්‍රදේශයේදී සිදුවෙනවා. නමුත් මොවුන්ගේ සම්බන්ධයට එතරම් ආයු කාලයක් පිහිටන්නේ නැහැ. දෙදෙනා අතර ඇති ප්‍රේමය කැඩී 2013 වර්ෂයේ අගෝස්තු මස මේ දෙදෙනාගේ විවාහය දෙදරා දික්කසාදය දක්වා දුරදිග යනවා.

"මම Trevor ට ආදරේ කළා.එයා නිෂ්පාදනය කළ  Remember Me චිත්‍රපටය 2010 වර්ෂයේ බොක්ස් වාර්තා තබන්න පවා සමත් වෙනවා. එය ආදරණිය කතාවක්. මම ඔහුට ආදරේ කරන්න පටන් ගන්නේ ඒ නිසා කිව්වොත් හරි.අපි විවාහ වෙනවා. විවාහය අපි දවස් හතරක් පුරා උත්සවාකාරයෙන් ගත්තා. පසුව අපි අතර ප්‍රශ්න මතු වෙනවා..ඒකට හේතුව මට හිතා ගන්න බැහැ. කොහොම නමුත් අවසානයේ අපි දික්කසාද වෙනවා. මට හැරිව මුලින්ම මුණගැහෙන්නේ 2016 ජුනි මාසේ දවසක. අපි කතා බහ කරනවා.. යාළුවෝ වගේ ආශ්‍රය කළා.. පසුව එයා මට ආදරෙයි කියලා ප්‍රකාශ කළා. ඔක්තෝම්බර් මාසේ. අපි අතර ආදර සම්බන්ධයක් හාමොට හොරරහසේ පවත්වාගෙන යනවා. මොකද ඔහු රාජ කුමාරයෙක්.. මම නිලියක් නිසා.. කොහොම හරි අපි දෙන්නාගේ ආදරේ අපි ජය ගන්නවා..අපේ ආදරේ විවාහ දක්වාම දුරදිග ගිය එකක් වෙනවා.. දැන් මමත් රාජකීය පවුලේ සාමාජිකාවක්.. ඒත් රාජකීය උණ මට නැහැ.. මම සාමාන්‍ය කාන්තාවක් විදිහ ජිවත් වෙන්න කැමතියි.."

මේගන්ගේ හිටපු සැමියා රාජකීය පවුල සමග අතිනත ගත් කලින් බිරිද ගැන ටෙලි නාට්‍යක්ද නිෂ්පාදනය කර තිබෙනවා. එම කතාව පුරාවට ඇය ගැන සදහන් බවත් එය අලුත් අවුරුද්දේ මුල විකාශය වීමට නියමිතයි. එමෙන්ම මේගන්ගෙන් වෙන් වූ ඔහු තවමත් තනිකඩව ජිවත් වෙන බවත් සදහන්

හිරු ගොසිප් කළ පරිවර්ථනයක්


























Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top