පොලිස් නිළධාරියෙකුට තරුණයෙක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද දහවල් කොළඹ කොටුවේදී උණසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.
මේ පිළිබඳව අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දහවල් 12.45ට පමණ කොළඹ කොටුවේදී පොලිස් නිළධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියට මුල්වී ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයා යතුරුපැදියක් අනවසර ස්ථානයකට දැමීමට යාමේදී එය වලැක්වීමට ගිය රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරියාට පහර දී ඇති බවයි.
පසුව අදලා සිද්ධියට සම්බන්ධ පුද්ලගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කල බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අපවෙත දැක්වූ අදහස් පහතින්...
මෙම අවස්ථාවේදී අසල සිටි පිරිසද කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිළධාරියාට පහර දී ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙනවා.
තවද එම පුද්ගලයා කොළඹ කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ උණසුම්කාරී තත්වය හිරු ගොසිප් පාඨකයෙක් ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කොට අපවෙත ලබා දී තිබුනා.
එම වීඩියෝව පහතින් නරඹන්න..