බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල පහසුකමින් ලංකාව ඉදිරියෙන්...
ලෝකයේ වේගවත්ම මොබයිල් දුරකථන අන්තර්ජාල පහසුකම් ලබාදෙන රට ලෙසට ජාත්‍යන්තර ඕක්ලා ග්ලෝබල් දර්ශකයට අනුව නෝර්වේ රාජ්‍ය නම් කර තිබෙනවා.
නෝර්වේ රාජ්‍ය තුළ අන්තර්ජාල වේගය 62.66 mbps ලෙසයි සටහන් වන්නේ.
දෙවන ස්ථානයට නෙදර්ලන්තය පත්ව සිටින අතර එහි අන්තර්ජාල වේගය සටහන්වන්නේ 53.01 mbps ලෙසයි.
තුන්වන ස්ථානය අයිස්ලන්තයටත් , 4 වන ස්ථානය සිංගප්පූරුවටත් හිමිව තිබෙනවා.
මේ වර්ගීකරණයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 107 වන ස්ථානය වන අතර ශ්‍රී ලංකාව තුළ මොබයිල් අන්තර්ජාල වේගය සටහන් වන්නේ 9.32 mbps ලෙසයි. ඉන්දියාව මෙම වර්ගීකරනයේ 109 වන ස්ථානයේ පසුවනවා.
බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල සේවා පහසුකම් ලබාදීමේදී ඉදිරියෙන්ම පසුවන රට වන්නේ සිංගප්පූරුවයි. ඔවුන්ගේ රට තුළ බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල සේවා පහසුකමේ වේගය සටහන් වන්නේ 153.85 mbps ලෙසයි.
අයිස්ලන්තයේ 147.51 mbps වේගය සටහන් කරමින් දෙවන ස්ථානයේ පසුවන අතර හොංකොන් දේශයේ බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල සේවා පහසුකම 133.94 mbps ක වේගයක් ලෙස සටහන් වනවා.