හීන ජීවිතය ජීවත් කරවන බව කීවත් අජිත්ට නම් ජීවත්වන්නට හීන ඕනෑ වූයේ නැත. උපන්දා සිට දරිද්‍රතාවයේ ජීවන අරගලයෙන් පීඩා විඳි අජිත්ට සුන්දර ළමාවිය සිහිනයක්ම වුණේය. ජීවිත හයක් ජීවත් කරවන්නට එදිනෙදා කුලී වැඩ කළ හැන්ටි‍්‍රද සිල්වා සේම ඊට සවියක් වන්නට සිතා රුපියල් තුන්හාරසීයක් සොයන්නට රඹුකන් ඔයේ වැලි ගොඩ දැමූ සෝමාවතී අම්මාත්, කොතෙක් මහන්සි වූවත් ඔවුන්ට සුවපහසු ජීවිත ලැබුණේ නැත.
ඒ නිසාම අනෙකුත් සහෝදරයන් තිදෙනා සේම එච්.ජී. අජිත් අබේසිරි ද කුඩාවියේ සිටම පාසල් ඇරීවිත් කරාඹු, ගම්මිරිස් කැඞීම, වතුපිටි උදුලූගෑම වැනි එදිනෙදා කීයක් හෝ අතට එන රැකියාවන් කළේය.
”ඒ කාලේ අපට හරියට කන්ඩවත් නෑ. කිරිපිටි එකක් දැකලා වත් නෑ. ඇඟවල් හරි කෙට්ටුයි. මන්දපෝෂණය හැදුණ වගේ. සාමාන්‍ය පෙළ එකවතාවක් ලියලා ඉස්කෝලේ නොගිහින් ගොඩනැගිලි ඉදිකිරීමේ කොම්පැනියකට එකතුවෙලා වැඩ කර කර හිටියා. ඊට පස්සේ මම අමානෝ වැහි පිහිලි ගහන තැනක වැඩකළා. ඒ වැඩෙත් හරියට හරිගියේ නැති හින්දා රස්සාවෙන් අයින් වෙලා රඹුක්කන් ඔයේ වැලි ගොඩදාන්න ගියා. ඒ අතරෙ ඇදලා තියෙන වැලි අදාළ ගෙදරවලට ගෙනිහින් දෙන එකත් කළා. ඒත් මේ කිසි දේකින්වත් පවුලේ දියුණුවක් නැති හින්දා ගමේ කෙනෙක් හරහා ඩුබායි ගියා. ඒත් එතනත් පරහක් වුණානේ. මෙහෙන් මාව ඩුබායි යැව්වට ඒ යවපු ක්‍රමයේ වීසා වංචාවක් තිබිලා ආපහු ලංකාවට ඒ එක්කම එන්න වුණා ”
දහසක් බලාපොරොත්තු මැද ජීවිතය ජයගන්නට මැදපෙරදිග ගිය අජිත් අබේසිරිගේ බිඳීගිය බලාපොරොත්තු මැද ආර්ථිකය තවතවත් පහතට වැටුණා මිස ඉහළට යාමක් නොවුණේය. ඔහු තමන් දන්නා වැහි පීලි වැඩ කරන තැනට පුරුදු ලෙස සම්බන්ධ වී වැඩ කරගෙන හිටියේය.
”මේ කාලේ අපේ ගමේ පොඩි ජිම් එකක් තිබුණා. ඒක අපේම කෙනෙක් යකඩ කෑලි එකතුකරලා පටන් ගත්ත එකක්. කට්ටිය ඔතෙන්ට එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒත් ක්‍රමානුකුලව දේවල් කියලා දීලා නෙවෙයි. තමන්ට හිතුණ හිතුණ විදිහට ඒ බඩු භාණ්ඩ එක්ක සෙල්ලම් කළා. මේ කාලේ මගේ ඔළුවටත් එක දෙයක් ගැන උනන්දුවක් ඇති වුණා. ඒ ලස්සනට ඇඟවල් හදාගත්ත සමහර තරුණයො හිරට ඇඳුම් අඳිනවා. ඒ අඳින හැටි දැක්කම මගෙ හිතටත් ආසාවක් ආවා එහෙම ලස්සන ඇඟක් හදාගන්න තියෙනවා නම් කියලා. ඒත් ඉතින් ඒ කාලේ මට තිබ්බ කෙසඟ ඇෙඟ් හැටියට එහෙම ඇඟක් හදාගන්න එකත් හීනයක් වගේ කියල මටම තේරුණා. ඒත් මං හිතුවා මාත් කොහොම හරි හොඳ ඇඟක් හදාගන්නවා කියලා. ඔතෙන්ට එකතුවෙන ගමේ අයත් එක්ක ඇතිවෙන කල් පාපන්දු සෙල්ලම් කරනවා. දැනගෙන නොවුණත් ජිම් එකෙත් පොඞ්ඩක් සෙල්ලම් කළා.”
අජිත්ගෙ රැකියා ස්ථානය කටුගස්තොටට වෙනස් වන්නේ මේ කාලයේය. ඔහු කටුගස්තොට පිහිලි සාදන තැනක වැඩට යද්දී ඒ අසල තිබූ ජිම් එකක් දුටුවේය. ඒ වන විට හොඳ ඇඟක් හදා ගැනීමේ දැඩි වුවමනාවකින් සිටි අජිත්ට ජිම් එක පැත්තේ ගොස් බලද්දී පුංචි වාසනාවක් කැරකුණේය.
”ඒ ජිම් එකේ මම දන්න යාළුවෙක් හිටියා. එයා කිව්වා ජිම් එකේ පොඩි පඩියක් දෙන්නම්. වැඩකරන්න එන්න. ඒ ගමන් ජිම් එකේ සෙල්ලම් කරන්නත් පුළුවන් කියලා. මම ඉතින් පිහිලි හදන තැන රැකියාව නවත්තලා ජිම් එකේ වැඩට ගියා. රුපියල් 10,000ක් මාසෙට පඩි ලැබුණා. ඒ එක්ක මගෙ යාළුවගෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා ජිම් එකේ සෙල්ලම් කරන ගමන්. යාළුවා ක්‍රීඩා පිළිබඳ උපාධියක් ඇති ක්‍රීඩා පුහුණුකරුවෙක්. ශරීරය වර්ධනය කරන හැටි, වැඩුණු ඇඟවල් අඩුකරන හැටි ඇතුළුව හැමදෙයක් පිළිබඳවම ඉගෙන ගත්තා. මම කවදාවත් අරක්කු සිගරට් බිව්වෙ නෑ. අවුරුද්දක් දෙකක් යද්දී මාව කෑමෙන් බීමෙන් මහත්වෙන්න ගත්තා. ඊට පස්සෙ මගේ පුහුණුකරු බ්‍රයන් කිව්වා, ඔහොම ඉඳලා හරියන්නෙ නෑ, මීට් එකකට ඉමු කියලා. ඒ අනුව තමයි 2014 දී නුවර ආධුනික අයෝමය පුරුෂයා තේරීමේ තරගයට මාව ඉදිරිපත් කළේ. ඒ තරගෙට 70 ක් විතර කට්ටිය හිටියා. මට ප්‍රථම ස්ථානය ලැබුණා. එතැනින් පස්සෙ මේ අංශෙන් තව ඉහළට යන්න ඕන කියලා හිතුණා. ඒ අනුව 2014 ඉඳලා 2017 වෙනකොට ඉදිරිපත් වුණ අයෝමය පුරුෂයා තේරීමේ නුවර තරගවලින් ප්‍රථම තැන් ලබමින් රන් පදක්කම් හතකුත් දෙවැනි තැන ලබමින් රිදී පදක්කම් දෙකකුත් ලැබුවා. ඒ අතරේ 2017 මධ්‍යම පළාත් අයෝමය පුරුෂයා තේරීමේ තරගයෙන් පළමු තැන ලැබුණා. ඒක ලොකු ජයග්‍රහණයක්.”
අජිත් කියන පරිද්දෙන් ඔහු මේ තරම් දුරක් පැමිණ ඇත්තේ ඔහුගේ මහන්සියෙනි.
”මම මේ ඔක්කෝම කරගත්තේ මගෙ දුප්පත්කමින්, මගේ මහන්සියෙන් උත්සාහෙන්. මම එදා වේල හොයා ගත්ත සල්ලිවලින් තමයි මගේ ගමන හදා ගත්තේ. මම ආයෙත් රැකියාව කරන්නේ වැහි පිහිලි ගහන තැන. ඒත් දවසක් ඇර දවසක්. අනිත් දවස පුහුණුවීම් කරනවා. මගේ වියදමට මට සල්ලි නෑ. මගේ ඇඟට අවශ්‍ය කිරි එකක් ගන්න තරම්වත් අද මට සල්ලි නෑ. තරගයකට ඉදිරිපත් වෙනකොට මාස එකහමාරක ඉඳලා කෑම බීම නොගන ඇෙඟ් තෙල්, ලූණු, මිරිස් අයින් කරනවා. මට ප්‍රෝටීන් සහිත කිරි එකක් ගන්න සල්ලි නැති හින්දා ඇපල් ගෙඩියක්, ටී බනිස් එකක් වගේ කාලා ඉන්නේ. ළිෙඳන් වතුර ඇඳලා හරි ඔයෙන් හරි නාලා, කුරුම්බා ගෙඩියක් බීලා, ගමේ කොස් පොළොස් කාලා හැදුන මං රන් පදක්කම් ගෙනාවෙ මගේ උත්සාහයෙන්. මගේ පුහුණුකරු සතයක්වත් නොගෙන මට පුහුණුවීම් කරද්දී වෙන කිසි කෙනෙක්ගෙන් රුපියලක තරම්වත් උදව්වක් මට නෑ. මගේ සහතික පෙන්නලා මම දේශපාලනඥයො කී දෙනෙක්ගෙන් රස්සාවක් ඉල්ලූවද ? මට කිසිම රස්සාවක් ලැබුණෙ නෑ. හිතේ හයියට ඇෙඟ් හයියට හරි හමන් වියදමක් කරගන්න රස්සාවක් නැතුව තවත් මට මේ ක්‍රීඩාවෙ යෙදෙන්න බෑ. මම ඉදිරිපත් වෙලා ඉන්න දෙසැම්බර් 23 වැනිදා පවත්වන්නට නියමිත ‘මිස්ටර් ශ්‍රී ලංකා’ තරගෙන් කොහොම හරි මුල් පස් දෙනා අතරට මං එනවා. ඊට පස්සෙ මම මේ ක්‍රීඩාව අතහරිනවා. මම ඉල්ලන්නෙ මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන්, මගේ දක්ෂතාවලට හරියන රස්සාවක්.”
අජිත්ගේ මේ කලකිරුම මේ රටේ වගකිවයුත්තන්ටයි. ඔහු ඉල්ලන්නේ මහා ලොකු දෙයක් නොවේ. මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට වියදම සොයාගන්නට රැකියාවකි. අජිත් තුළ ඇති දක්ෂතා ක්‍රීඩාවේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔහුගේ ඉදිරිගමනට උදව් දෙන්නේ නම් ඔහු මේ රටට වටිනා සම්පතක් වන බවට දැනටමත් සාධක පෙන්වා ඇත්තේය.
පුවත්පතකින් උපුටා ගැනීමක්