රජයේ රැකියාවක් කරපු ඉංජිනේරු උපාධිධාරිනියක්....
දින කිහිපයක සිට උගුරේ හා ඇඟපතේ වේදනාවෙන් ඉඳලා...
එළඹෙන මැයි මාසයේ විවාහ වීමට සිටි රූමත් තරුණියක් හිටිහැටියේ නිව්මෝනියාව උත්සන්න වී මියයාමේ පුවතක් පිළියන්දලින් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ, පිළියන්දල, මාම්පේ, හල්ගහපොකුණ පාරේ පදිංචිව සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඉෂාරා මධුභාෂිණි නමැති රූමත් තරුණියක්.
ඇය ඉංජිනේරු උපාධිධාරිනියක් බවයි වාර්තා වන්නේ.
ඇය මෙලෙස හදිසියේම මියගොස් ඇත්තේ නිව්මෝනියාව උත්සන්න වීමෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවූ බවයි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ පවසා ඇත්තේ.
ඇය දින කිහිපයක සිට උගුරේ හා ඇඟපතේ වේදනාවෙන් පෙළෙමින් සිටි බව දෙමාපියන් කියා තිබෙනවා.
එම රෝග ලක්ෂණ නිසා දෙමාපියන් ඇයව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කර තිබෙන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ඇයට කිසිඳු අසනීප තත්වයක් නොමැති බවයි.
මේ බව හිළිවී ඇත්තේ මරණ පරීක්ෂණයේ දුන් සාක්ෂිවලින්.