මිද්දෙණිය තලාව පාසල අසලදී අද (12) මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇති බවයි මිද්දෙණිය පොලිසිය පවසනවා.
වෙඩි වැදිමෙන් එම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඩබ්.පී ලහිරු සඳරුවන් නැමති තරුණය මෙලෙස තුවාල ලබා ඇත්තේ.
එක ලඟ පිහිටි නිවෙස් දෙකක බල්ලෙකු සම්බන්ද ගැටළුවකදි ඇති වූ බහින් බස් විමක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබිම සිදු වී ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්දයෙන් මිද්දෙනිය පොලිසිය වැඩි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.