සිනමා හලේ උඩු මහලේ Box වෙනුවට Room..
ගම්පොළ නගරයේ සිනමා ශාලාවක ඉහළ මාලයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා සේවයේ යෙදුනු තරුණියන් දෙදෙනෙක් සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොට්‌ඨාස බුද්ධි අංශ තොරතුරු මත කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මඟින් උපාය දූතයන් යොදවා මෙම ස්‌ථානය වටලා ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පොළ නගරයේ කහවත්ත, දොළුව මාර්ගයේ පිහිටි මෙම සිනමා ශාලාව වෙත එන පෙම්වතුන්ට මෙහි ඉහළ මාලයේ සකස් කර ඇති කාමර ලබාදෙන බව අනාවරණය වී ඇති අතර චිත්‍රපට නොපෙන්වන අවස්‌ථාවල මෙම ස්‌ථානය තුළ ඊට යාබදව ඇති ලැගුම්හල සමඟ සම්බන්ධව මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලැඟුම්හලට සහ ඒ සමඟ ඇති සිනමා ශාලාව වෙත පෙම්වතුන් රැගෙන එන ත්‍රිරෝද රථ සඳහා වෙනම ගාස්‌තු ක්‍රමයක් ද ඇති බව පොලිස් පරීක්‌ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
කලක් තිස්‌සේ පවත්වාගෙන යන මෙම ස්‌ථානය සඳහා ස්‌ථිරව ගණිකා සේවයේ නියැලුණු කාන්තාවන් කීහිප දෙනකුම සිටින බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.
මොවුන්ගෙන් වැඩි දෙනෙක් වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ගම්පොළ නගරයේ අවට තාවකාලිකව නවාතැන් ගෙන ඔවුන් මෙම වෘත්තීයේ නියෑළෙන බව ද අනාවරණය වී තිබෙනවා.
චිත්‍රපට නොපෙන්වන අවස්‌ථාවල එම කාමර මෙසේ ගණිකා ජාවාරම සඳහා යොදාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට පත් සැකකරු සහ තරුණියන් දෙදෙනා ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට රුපියල් 25,000ක දඩයක් සහ තරුණියන් දෙදෙනාට රුපියල් 3,000 බැගින් වූ දඩ මුදල් නියම කර තිබෙනවා.