ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරඟයකට ගිය පළමු ලාංකිකයා..
ලොව හොඳම කාය වර්ධන ක්‍රීඩකයින් 5 දෙනා අතරට..
රටම කතා කළ දක්ෂ කායවර්ධන ශිල්පියෙක් තමයි "ආසියාවේ කලු සිංහලයා" ලූෂන් පුෂ්පරාජ් කියන්නේ. මේ දක්ෂ ක්‍රීඩකයා පසුගිය 09 වන දා ඇමරිකාවේ පැවති Mr & Ms Atlas and Fitness Expo – 2017 තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා.
එහි දී ලූෂන් පුෂ්පරාජ් මෙම Mr & Ms Atlas and Fitness Expo – 2017 තරඟාවලියෙන් සිව්වන ස්ථානය ලබා අවසන් පස් දෙනා අතර එක් වන්නට හැකි වුනේ ලොව හොඳම ක්‍රීඩකයින් අතර සිය නාමය සටහන් කරමින්.
මෙවර පැවැත් වුණු Mr & Ms Atlas and Fitness Expo – 2017 මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු ලොව රටවල් 8 ක ලෝක පූජිත කායවර්ධන ශූරීන්ද මේ සඳහා සහභාගි වී තිබුණා.
ශ්‍රි ලංකා කායවර්ධන සම්මේලනයේ විවිධ චෝදනා මැද ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දෙන්න ලූෂන් පුෂ්පරාජ්ට හැකිව ලැබුණා.
ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩකයෙකු ඇමරිකාවේ පැවැත්වුණු දැවැන්තම කායවර්ධන තරගාවලියකට සහභාගී වුණු ප්‍රථම අවස්ථාවද මෙය වෙනවා.