විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සළකා ඇස් තුනක් සහිතව උපන් වසු පැටවෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි කොලාතූර් නම් ගමෙහි වැසියන් එම සත්වයාට පුද සත්කාර කරන බව වාර්තා වේ.
එම සත්වයාටද විෂ්ණු දෙවියන්ගේ මෙන් නළලෙහි තෙවැනි ඇසක් පිහිටා ඇති නිසා ඔවුන් මෙම වසු පැටවාව විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සළකයි.
දුර බැහැර ගම් වලින් පවා මිනිසුන් වසු පැටවාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බවත් වාර්තා වේ.
ඔවුන්ගේ විශ්වාස කරන පරිදි මෙම සත්වයාගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් වාසනාව උදාවන බවට මතකයක්ද ඔවුන් අතර පැතිර යයි. වසු පැටවාගේ හිමිකරු වන රාජේශ්ද පවසන්නේ මෙම සත්වයා ඓශ්චර්යමත් වසු පැටවෙකු බවයි.
එම වසු පැටවාගේ ඡායාරූප පහතින්..