ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලිගේ සමීපතම නෑදෑ හිතමිතුරන් කිහිපදෙනකු සමඟ සචින් තෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ආදිත්‍ය චොප්රා සහ මනීෂා ෂර්මා මෙම උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනා ලැබ ඇති බවයි.
තවද විරාත් කෝලිගේ කුඩා කල පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා හටද මෙම උත්සවය සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
මිලාන් නුවර ටූස්කැනි ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වන ස්ථානය අවට දැඩි ආරක්ෂක විධි විධාන තරකොට ඇති බවත් සාමාන්‍ය පන්ජාබ් විවාහ චාරිත්‍ර අනුව මෙම විවාහය සිදු කරනු ලබන බවත් වාර්තා වන අතර වෘත්තීයමය භන්ග්‍රා නැටුම් කණ්ඩායමක්ද එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.