කලම්බෝ පෝට් සිටි නමින් ආරම්භ වන ලංකා ඉතිහාසයේ සුවිසල්ම ආයෝජන සංවර්ධන ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතින් උත්සවාකාරයෙන් ආරම්භ කෙරණි.
ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ටෘක්ෂන් සමාගම් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ඇරඹේ.
හෙක්ටයාර 233කට නොඅඩු භූමි භාගයක් කොළඹ ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවක් ගොඩ කෙරෙමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ හෙක්ටයාර 170ක් සංවර්ධනය කළ හැකි කොටසක් වන අතර ඉතිරි භූමි භාගය ජල මංමාවත්, උද්‍යාන හා වෙනුවෙන් වෙන් කෙරේ.
ඉදීකිරීමෙන් පසු Colombo Port City දිස්වන ආකාරය..
ඉදීකිරීමෙන් පසු Colombo Port City දිස්වන ආකාරයේ වීඩියෝව පහතින්....