Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
09
"මම හැමදාම එයාව දැක්කේ සරළ විදිහට.. ඒ සරළකම මටත් තියෙනවා ..." - තිසුරි යුවනිකා - Photos

- "මම හැමදාම එයාව දැක්කේ සරළ විදිහට.. ඒ සරළකම මටත් තියෙනවා ..." - තිසුරි යුවනිකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
"මම හිතනවා මම වාසනාවන්තයි කියලා.."

"ඒ මගේ පෞද්ගලික කැමැත්ත..."

තිසුරි යුවනිකාට කලාව ඕපපාතිකයක් නෙමෙයි. පුංචි කාලේ ඉදලම නිර්මාණ කටයුතු දකින ඇය පසුව රංගනයට අවතීර්ණ වෙනවා. රංගනයට අවතීර්ණය වූ කාලේ සිට අද දක්වා ජනප්‍රියත්වය එක සේ රදවා ගත් ඇය ගැනයි මේ.

ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් පස්සේ දකින්න ලැබුණේ හරි අඩුවෙන්නේ?
ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් පස්සෙත් මම නිර්මාණ කිහිපයක්ම කළා. නමුත් තවම ඒවා විකාශනය වුණේ නැහැ. මම කොහොමත් ලැබෙන හොඳ නිර්මාණයන්ට විතරයි මගේ රංගනය ලබාදෙන්නේ. මට ගැළපෙන්නේ නැති නම් මම ඒ නිර්මාණ භාරගන්නේ නැහැ.

මොකද හිතෙන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ ඔබේ චරිතයට ලැබුණ ප්‍රතිචාර ගැන?
ධර්ම යුද්ධය චිත්‍රපටයේ මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා සහ තවමත් ලැබෙනවා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් ඒ චරිතය වැලඳ ගත්තා වගේම ගොඩක් දෙනා අතරේ ඒ චරිතය ජනප්‍රිය වුණා. ධර්ම යුද්ධය ප්‍රතිනිර්මාණයක් වුනත් බොහෝමයක් දෙනා ධර්ම යුද්ධය වටා එක්වුණා. ඉතින් වුණු මහන්සියට හොඳ වටිනා ප්‍රතිචාර ලැබුණා. කලාකරුවෙක්ගේ සතුට, සාර්ථකත්වය තියෙන්නේ ඒ ලැබෙන ප්‍රතිචාර තුළ.

ඔබ විවිධ චරිත හරහා රංගනයේ යෙදෙන කෙනෙක්. ඒකට හේතුව ඔබේ තෝරාගැනීමද?
ඔව්, මම චරිත තෝරා ගැනීමේදීත් ලැබෙන චරිතය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම මට ලැබෙන චරිතත් විවිධයි. ඉතින් මම ඒකාකාරී චරිතත් කරලා තියෙනවා. ඒ අතරේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්නත් මට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා මම වාසනාවන්තයි කියලා. මොකද තවත් මම රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා. නමුත් මේ වෙනකම් කරපු චරිත ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

අම්මා හින්දද ඔබ ජනප්‍රිය වුණේ? නැත්නම් මේ ඔබ තනියම ගොඩනගාගත් නමක්ද?
රංගනය තෝරාගන්න නොහිතපු මට රංගනයට එන්න පුළුවන්කමක් ලැබුණේ අම්මා නිසයි. අම්මා වගේම තාත්තත් යෝධ සෙවණැල්ලක් වෙලා හැමදාම මාත් එක්ක ඉන්නවා. ඒ දෙන්නගේ උපදෙස්, මග පෙන්වීම මත මම තිසුරි යුවනිකා නමින් ගමනක් ආවා. නමුත් අදටත් මම කැමති මාව සුසන්තා චන්ද්‍රමාලිගේ දුව කියලා හඳුන්වනවට.

නිර්මාණ තෝරාගැනීමේදිත් අම්මගෙන් අහනවා ඇති නේද?
නිර්මාණයට තනියම දායක වුණොත් එහෙම නිර්මාණයේ රඟපාන්න කලින් අවශ්‍ය උපදෙස් මග පෙන්වීම් මට අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලැබෙනවා. ඒ උපදෙස් මතයි මම චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ. මොකද ඒ දෙන්නා මට නිතරම කියන්නේ කරන දේ හරියට වගේම අවංකව කරන්න කියලයි.

ඔබ ගොඩක් ප්‍රසිද්ධ සමාජයේ දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන් නේද?
මට ඕන නිදහස. මම කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්න. එහෙම බලනකොට මගේ වෙනසක් දකිනවා ඇති. යා යුතුම නම් නොගිහින් බැරිකමට ප්‍රිය සම්භාෂණ වගේ දේවල්වලට යනවා. නැත්නම් මම කැමති හැමදාම කාර්යබහුල ජීවිතේ, ලැබෙන ‍පොඩි හරි විවේකය මගේ පවු‍ලේ අය වෙනුවෙන් එයාලා එක්ක ගත කරන්නයි.

දැන් ඉස්සර වගේ ඔබ නිතර නිතර ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ඇයි?
ඉස්සර ඉඳන්ම මම චරිත තෝරාගැනීමේදී ටිකක් හොයලා බලලා තමයි ඒ චරිතයට රංගනය ලබාදෙන්නේ. හොඳ චරිත, හොඳ නිර්මාණ ලැබුණොත් මම භාර නොගෙන ඉන්නෙත් නැහැ. ලැබෙන හැම චරිතයම භාර නොගන්නා නිසා වෙන්න ඇති මාව අඩුවෙන් දකින්න ලැබෙන්නේ.

සිනමාවට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
සිනමාවේදිත් මම කලින් කියපු විදිහටම චරිත තෝරා ගැනීමේදී ඒ ගැන සැලිකිලිමත් වෙනවා. මම කැමති චරිත නම් මට ලැබෙන්නේ මම ඒ නිර්මාණයට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. එහෙම ලැබුණු චරිතයක් තමයි ධර්ම යුද්ධය චිත්‍රපටයේ මගේ චරිතය. ඒ තුළ මට යමක් කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ වගේ චරිතය තුළ යමක් කරන්න සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මම ඒ චරිත භාර නොගෙන ඉන්නේ නැහැ.

ඔබේ සමකාලීනයන්ට වඩා ඔබ විලාසිතා අතිනුත් හරි සරල කෙනෙක්. ඒකට හේතුව මොකක්ද?
මම ගොඩක් නිදහසට කැමති කෙනෙක්. විලාසිතා කරද්දි වුණත් අනවශය විදිහට අපහසුවෙන් ඉන්න වෙන විදිහේ විලාසිතා තෝරාගන්නේ නෑ. ඒ මගේ පෞද්ගලික කැමැත්ත. මම හැමදාම දැක්කේ මගේ අම්මා සරල විදිහට ජීවත්වෙන හැටි. එයා ගමක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට හරි සරල විදිහට ජීවත් වෙන්නේ. ඉතින් ඒ සරල, චාම් හුරුව මටත් තියෙනවා. මම හිතන්නේ චාම් බව ඇතුළෙ තමයි ලස්සන තියෙන්නේ. හැබැයි විලාසිතා කරනවා කියන්නෙ වැරදි දෙයක් ‍නෙවෙයි.

මේ වයසට සම්මානනීය නිළියක් වීමට ලැබිම ගැන මොකද හිතෙන්නේ?
සම්මාන බලා‍පොරොත්තුවෙන් නම් ‍නෙවෙයි, හැබැයි කරන දේ හරියට කරන්න කියන දේ මගේ අම්මා මට කියපු දෙයක්. ඕනම කෙනෙක්ට තමන් කරන ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න හීනයක් තියෙනවනේ. ඉතින් මගෙත් හීනය වුණේ කවදාහරි හොඳම නිළිය කියන ඇගයීම ලබාගැනීම. ඉතින් අඩු වයසකින් වසර දෙකක් මට හොඳම නිළිය වීමේ භාග්‍යය උදාවුණා. ඒ ගැන කියලා නිම කළ නොහැකි සතුටක් තියෙන්නේ. අපි චරිතයක් වෙනුවෙන් දරන මහන්සියට මේ ලැබෙන සම්මාන වගේම මිනිස්සුන්ගෙන් ලබන ආදරය, ප්‍රතිචාරත් ලොකු සතුටක්.

මුලින්ම තිරයේ පෙම්වතිය වුණු දවස මතකද?
මුලින්ම තිරයේ පෙම්වතිය වෙනකොට නම් මට ඒ අත්දැකීම හරිම නුහුරුයි. පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබුණු මොහොතෙත් මට ඒ ගැන හිතනකොට ලොකු අසීරුවක් දැනුණා. නමුත් දැන් තිරයේ පෙම්වතිය හැටියට රඟපානවා කියන කාරණාව හරි සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. කාලයත් එක්ක දැන් ඒ ඒ චරිතවලට අසීරුවකින් තොරව රංගනයේ යෙදෙන්න හැකියාව ලැබිලයි තියෙන්නේ.

ක්ෂේත්‍රය තුළ ඔබට තියෙන පිළිගැනීම ගැන මොකද හිතෙන්නේ?
සුසන්තා චන්ද්‍රමාලිගේ දුව හැටියට ගොඩක් දෙනා මාව ‍පොඩි කා‍ලේ ඉඳලා දන්නවා. ඉතින් අදටත් වයසින් කෙතරම් මුහුකුරා ගියත් අර ‍පොඩි දවස්වල අම්මත් එක්ක ෂූටින් ආපු මට ලැබුණ ප්‍රතිචාරමයි බොහෝවිට අදටත් ලැබෙන්නේ. අම්මා නිසා මාව ඒ විදිහට හඳුනාගත් අය අදටත් මාව දකින්නේ ඒ ‍පොඩිකා‍ලේ හිටිය තිසුරි යුවනිකා හැටියටමයි.

ආදරය සහ විවාහය ගැන කතා කළොත්?
ආදරය සහ විවාහය කියන්නේ අත්‍යවශ්‍යම කාරණාවක්නේ. ජීවිතේ ඒ ඒ කාලවලදී අපි ගන්න තීරණවලට අනුව ආදරේ කරන්න විවාහ වෙන්න සුදුසු පුද්ගලයන් අපට මුණ ගැහෙනවා. ඉතින් හොඳට හිතලා බලලා නිවැරදි තීරණ ගත්තොත් ආදරයයි විවාහයයි එක්ක ජීවිතේ තවත් සුන්දර වෙයි.

ඉදිරියේදී මොනවද අපට දකින්න ලැබෙන නිර්මාණ?
නිර්මාණ නම් ගොඩක් තියෙනවා තවම විකාශනය නොවුණු. මොකද දැන් මේ තියෙන ඉන්දියන් රැල්ලත් එක්ක අපේ නිර්මාණවලට ලැබෙන අවස්ථා අඩුවෙලා. ඉතින් කරපු නිර්මාණ රැසක පෙළගැස්මක් තියෙනවා. ඒවා එකින් එක ඉදිරියේදී දැකගන්න අවස්ථාව ලැබේවි.

පුවත්පතකින් උපුටා ගැනීමක්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top