චීනයේ Sichuan ප්‍රාන්තයේ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් මවගේ බෙල්ල කපා මරා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම දරුවා මව සමග රණ්ඩු වී තිබෙන අතර පසුව පිහියක් ගෙන මවගේ බෙල්ල කපා මරා දමා තිබෙනවා. මෙම දරුවා මවව මැරූ ආකාරය වීඩියෝ ගත කර ඔහුගේ යහළුවන්ට WeChat මාර්ගයෙන් යවා තිබෙනවා.
එමෙන්ම මවගේ ශරීරයෙන් වෙන් වූ බෙල්ල හා ශාරීරය විශාල බාල්දියකට දමා නිවසේ තබා පසු දින ගෙදර පිටු පස ඇති ඇළකට විසිකර දමා තිබෙනවා. මෙම වීඩියෝව මෙම දරුවාගේ යහළුවෙක් ඔහුගේ මවට පෙන්වා තිබෙන අතර පසුව යහළුවාගේ මව විසින් ඒ පිලිබදව පොලිසියට දන්වා තිබෙන අතර එම දරුවාව බදාදා පාසලේ සිටින විට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දරුවාගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් දින හතරක්ම කිසි කෙනෙකු දැන නොසිටීම පුදුමයට කාරණාවක් බවද සදහන් වේ.