මෝදර - බෝක්කුවත්ත ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කදිරාන වත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඔහු බෝක්කුවත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.