Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
දුම්රිය වර්ජනය දිගටම - ඊයේ රෑ යන්න තිබූ තැපැල් දුම්රියට වුණු දේ - Video

- දුම්රිය වර්ජනය දිගටම - ඊයේ රෑ යන්න තිබූ තැපැල් දුම්රියට වුණු දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,532 Views
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තමන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසනවා.

නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහායකයින් බදවා ගැනීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස වර්ජනයේ නිරත වන්නේ.

අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පළ කළා.

තාවකාලිකව හෝ වර්ජනය නවතා මහජනතාව අපහසුතාවයට පත් නොකර ලෙසත්, සාකච්ඡා සඳහා අමාත්‍යාංශය තවදුරටත් විවෘතව ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

දුම්රිය එන්ජින් රියදුරු සහායකයින්ගේ සංගමය ඊයේ 07 කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වූ එම සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා කියා සිටියේ දුම්රිය සහායකයින් බඳවා ගෙන ඇත්තේ නියමිත පටිපාටියට බවයි.   

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුලූ තවත් ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රුවන්පතිරණ කියා සිටියේ තම වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබුණද, ඊට අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ උදෑසන සිටම මගීන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි. ගමන්වාර 200 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබූ අතර, දුම්රිය මගීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ගේ රාජකාරී කටයුතුවලට මෙම වර්ජනයෙන් දැඩි බාධාවක් එල්ල වූ බවයි.

මේ අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහිත මගීන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, ඊයේ රාත්‍රියේ ගමන් කිරීමට නියමිත තිබූ සියලූම තැපැල් දුම්රියන්ද ධාවනය නොවන බවයි පාලක මැදිරිය කියා සිටියේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  482 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  229 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,668 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,952 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top