Mr & Ms Atlas and Fitness Expo - 2017 තරගාවලියට සහභාගී වීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට ගිය ලූෂන් පුෂ්පරාජ් එම තරගාවලියට එක්ව ඇත්තේ ලංකාව නියෝජනය කරමින් නොවන බව ශ්‍රි ලංකා කායවර්ධන සම්මේලනය චෝදනා කරනවා.
එම සංගමයේ ලේකම් නිහාල් විරතුංග පවසන්නේ ඔහු නිසි ක්‍රම වේදයක් අනුගමනය කරමින් මෙම තරගාවලියට එක් නොවුණු බවයි.
ලේකම්වරයා පවසන්නේ තහනම් උත්තේජක පරීක්ෂණවලට සහභාගී වී මෙම තරගාවලිය සඳහා එක්වීමට ඔහු නිල අනුමැතියක් ලබා ගෙන නොමැති බවයි.
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ මෙරට නියෝජිතයා වන ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අනුමැතියකින් තොරව සහභාගී වන ක්‍රීඩකයන්ට ශ්‍රි ලංකා ධජය යටතේ නිල වශයෙන් නියෝජනය කළ නොහැකි බවයි ඔහුගේ මතය.