Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
"වයස අවුරුදු 5ක් වෙද්දී දුවරුන්ව ගණිකා සේවයේ යොදවා මුදල් ගරන ඉන්දියාණු අම්මලාගේ කතාව..."

- "වයස අවුරුදු 5ක් වෙද්දී දුවරුන්ව ගණිකා සේවයේ යොදවා මුදල් ගරන ඉන්දියාණු අම්මලාගේ කතාව..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,200 Views
"HIVආසාධිතයෙක් කියලා දැනගද්දී වයස 26යි.."
"කන්‍යාභාවය සහිත ළාබාල ගණිකාවන්ට ඉහළ වැටුපක්.."

පාර්වතම්මා දේවදාසියකි. දෙවියන්ටම වෙන් වුණු මෙහෙකාරියකි. ඈ දේවදාසියක්‌ බව ඇඟවෙන්නේ ඇගේ ගෙල වටා බැඳි රතු හා සුදු පබළු මාලයෙනි. යෙල්ලම්මා දෙවඟන වෙනුවෙන් කැප කොට පාර්වතම්මාව දකුණු ඉන්දියාවේ සවුන්දත්ති දෙවොල වෙත භාර දුන්නේ ඇයට වයස අවුරුදු 10 ක්‌ වෙන්නටත් පෙරය. දේවදාසියක්‌ යනු දෙවියන් විවාහ කර දුන් අයෙකි.

දෙවියන්ව විවාහ කරගෙන ඇති බැවින් ඇයට මනුෂ්‍යයකු සමඟ විවාහ වෙන්නට බැරිය. පාර්වතම්මා වැඩිවිය පැමිණුනු පසුව දේවදාසියන්ට අදාළ වන තවත් චාරිත්‍රයක්‌ ක්‍රියාත්මක විය. ඒ චාරිත්‍රය අනුව පාර්වතම්මාගේ කන්‍යාභාවය ඉහළම ඉල්ලූමට විකුණා දමන්නට සිදු විය. ඒ චාරිත්‍රයෙන් පසු ගැබ් ගත් පාර්වතම්මා වයස අවුරුදු 14ක්‌ වෙන්නටත් පෙරම කුඩා දියණියකගේ මවක්‌ බවට පත් වූවාය. ඒ උපන් දියණිය හැදී වැඩුණේ පාර්වතම්මාගේ මවගේ නිවසේය. පාර්වතම්මා දියණියගේ වියදමට මුදල් යෑවූ මුත් ඇයට දියණිය දකින්නට ලැබුණේ අවුරුදු ගණනකට වතාවක්‌ පමණකි.

පාර්වතම්මා HIVආසාදිත අයකු යෑයි හඳුනා ගනු ලබන විට පාර්වතම්මාට වයස අවුරුදු 26 කි. තවදුරටත් වැඩක්‌ පලක්‌ කරගන්නට බැරි දුර්වල තත්ත්වයකදී ඇය නැවතත් ගමට ගියාය. දෙවියන්ගේ බිරිදකට HIV ආසාදනය වූයේ කෙසේද.? අතීතයේ ඉන්දියාවේ ගෞරවනීය චරිතයක්‌ වූ දේවදාසියට වර්තමානයේදී අත්ව ඇත්තේ එවන් ශෝචනීය ඉරණමකි. -දේවදාසි- අතීතයේ පටන් ඉන්දියාවේ තිබුණු සංකල්පයකි. -දේවදාසි- හෝ -දේවරාදියර්- යනු දෙවියන්ගේ මෙහෙකාරිය යන්නයි. මේ කාන්තාවන් දෙවියන් වෙනුවෙන් කැප කර ඇතැයිද, ඔවුන්ව දෙවියන් විවාහ කරදී ඇතැයිද සැලකෙයි. දෙවියන් සමඟ විවාහ වී සිටින හෙයින් ඔවුන්ට මනුෂ්‍යයකු සමඟ විවාහ වෙන්නට නොහැකිය. එහෙත් තමන්ට අවශ්‍ය පිරිමි සහකරුවෙකු තෝරාගන්නට ඔවුන්ට නිදහස ඇත. ඒ තෝරාගන්නා සහකරුවා විවාහක වුවත්, අවිවාහක වුවත් ගැටලුවක්‌ නැත.

p22 3මෙසේ ඇති කරගන්නා සබඳකම් දිගුකාලීන හා ස්‌ථාවර ඒවා වුවත්, එසේ නැති නම් තාවකාලික ඒවා වුවත් එහි ඇති වෙනසක්‌ද නැත. එහෙත් ඔවුන්ට තමන්ගේ යෑපීම සඳහා ඒ සහකරුවන්ගෙන් මුදල් ලබා ගන්නට නොහැකිය. අතීතයේදී නම් දේවදාසීන් නැටුම්, සංගීතය ඇතුළු කලාවන් හැට හතරක්‌ උගත යුතුය. දේවාලවල නැටුම් ගැයුම් ඉදිරිපත් කරමින් බැතිමතුන්ගෙන් ලබා ගන්නා තුටුපඬුරින්ද, රජවරුන් හා ප්‍රභූවරුන් ඉදිරියේ නැටුම් ඉදිරිපත් කර ඔවුන්ගෙන් ලැබෙන ගම්වර හා රන්කාසි වලින්ද අතීතයේ උන් දේවදාසියෝ යෑපුණහ. ඇතැම් දැරියන් ඔවුන්ගේ පවුල් වලින්ම දේවදාසීන් ලෙස දෙවියන්ට කැප කරන ලද අතර, ඇතැම් කාන්තාවෝ තම කැමැත්තෙන්ම දේවදාසීන් වී ජීවිත කාලය පුරාම අවිවාහකව සිටීම තෝරාගත්හ. මේ දේවදාසි සම්ප්‍රදායේ ඉතිහාසය ක්‍රි.ව. හත් වන සියවස දක්‌වා දිව යයි. දේවදාසි සංකල්පය වඩාත්ම පැතිර තිබුණේ චෝල, ෙච්ල හා පාණ්‌ඩ්‍ය සමයන්හිදී ඉන්දියාවේ දක්‌ෂිණ පලාත්වලය. අතීතයේදී නම් දේවදාසීන්ට සමාජයෙන් බොහෝ ගරු බුහුමන් ද, සැලකිලිද ලැබුණු අතර ඔවුහු සමාජයේ උසස්‌ තත්ත්වයක්‌ ඇතිව සිටි කොටසක්‌ වූහ. එහෙත් වර්තමානයේදී නම් දේවදාසීන්ගේ තත්ත්වය මුළුමනින් වෙනස්‌ය. වර්තමානයේ දේවදාසීන් යනු හුදෙක්‌ ළමා ගණිකාවන් හා ලිංගික ශ්‍රමිකයන්ට කියන තවත් නමක්‌ වැනිය.

බොහෝ විට මේ දේවදාසින් දේවාලවලට භාර දෙන්නේ වයස අවුරුදු හතරක්‌ හෝ පහක්‌ව තිබියදීය. බොහෝ විට ඔවුන් දාලිත්ලාය. දාලිත්ලාගෙනුත් මාදිනා සහ වාල්මිකී කුලවලට අයත් වූවෝ වෙති. මේ කුල ඉන්දියාවේ කුල හීනයන් අතරින්ද වඩාත්ම පහත්ම කුල යෑයි සැලකෙන කුලයන් වෙයි. මේ හීන කුලවල කුඩා දැරියන් දේවදාසීන් බවට පත් කරනුයේ ඔවුන්ගේම දෙමාපියන් විසිනි. ඒ බොහෝ දේවදාසීන්ගේ පවුල්වල එකම ආදායම් මාර්ගය වනුයේ මේ ළමා දේවදාසියයි. මේ කුල හීන පවුල්වල අයට සාමාන්‍ය කුලවල සිටින මිනිසුන්ගේ ගම්මානයකට පය තබන්නටවත් අවසර නැත. කුල හීනයන්ගේ කොලණි තුළ අධ්‍යාපන පහසුකම්ද අවමය. එසේ හෙයින් ඔවුන් අතර අධ්‍යාපනය ලැබූ අය විරලය. එනිසාම ඔවුන්ට ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ද නැත.

ඔවුන්ට ලබා ගත හැකි රැකියා වනුයේ පාරවල් අතුගෑම, හෝ මළ අපද්‍රව්‍ය ඉවත් කිරීම ආදිය පමණකි. ඒ නිසා මේ කුලහීන දෙමාපියෝ තම දියණියන් බලහත්කාරයෙන් දේවදාසීන් බවට පත් කරති. වෙනත් වචන වලින් කිවහොත් තමන්ගේම දියණියන් ගණිකා සේවයේ යොදවන තැරැව්කරුවන් වන්නේ දෙමාපියන්ය. ඔවුන්ගේ පවුල් කොතරම් විශාල වුවද, දුප්පත්කම නිසාම ඔවුන්ට බොහෝ විට ඇත්තේ මැටියෙන් තැනූ පොල් අතු සෙවිලි කළ මඩුවලට සමාන කුඩා නිවාසයන්ය. බොහෝ විට මුළු නිවසම එක තනි කාමරයක්‌ පමණකි. ඒ නිවස තුළ දේවදාසි දියණියන් තම ගනුදෙනුකරුවාට ලිංගික සේවා සපයා මුදල් උපයා ගන්නා තුරු දෙමාපියෝ නිවසින් පිටතට වී කල් මරති. ඉතා කුඩා වයසේදීම දේවදාසියන් බවට පත් කර දේවාලයට භාර දෙන මේ දේවදාසියන්ට මූලික අධ්‍යාපනයක්‌වත් නොලැබෙන තරම්ය. කුඩා කලදීම ඔවුන්ව තම දෙමාපිය සෙවණින් වෙන් කර දෙවොල් බිමෙහි තනිව ජීවත් වෙන්නට හුරු කරනු ලබයි. මේ දේවදාසීන් වැඩිවිය පැමිණුන වහා ඔවුන්ගේ දෙමාපියෝ ඒ ගැන තම සමාජයේ අයව දැනුවත් කරති. මේ දැනුවත් කිරීම හරහා ඒ දේවදාසියව -ලබා ගැනීමට- ධනවත් ඉඩම් හිමියකු කැමැති කරවා ගත හැකි වී නම් ඒ ඇගේත් ඇගේ මුලු පවුලේත් වාසනාවය. ඉඩම් හිමියා ඇගේ කන්‍යාභාවය වෙනුවෙන් සැලකිය යුතු මුදලක්‌ ගෙවයි. ඉන් පසු ඇයව ලිංගික මෙවලමක්‌ ලෙස භාවිත කරන කාලය පුරාවටම ඇයටත් ඇගේ පවුලේ අයටත් ප්‍රමාණවත් මුදලක්‌ද ගෙවයි. කන්‍යාභාවය සහිත ළාබාල දේවදාසියන්ට ඉහළ ඉල්ලුමක්‌ ඇති අතර ඔවුන්ට කෙරෙන ගෙවීමද ඉහළය.

ඉන්දියාවට නිදහස ලැබෙන්නට පෙරත් ඉන් පසුවත් ඉන්දියානු රජය විසින් නොයෙක්‌ වර දේවදාසි සම්ප්‍රදාය තහනම් කරමින් නීති රීති ගෙන එන ලදී. ඉන්දියාව තුළ දේවදාසින් ලෙස කුඩා දරුවන් යොදවා ගැනීම තහනම් කොට ඇත්තේ මීට අවුරුදු විස්‌සකට පෙර සිටය. එහෙත් අදටත් ඉන්දියාවේ දේවදාසීන්ගේ අඩුවක්‌ නම් නැත. දේවදාසීන් පිළිබඳ කතා බහ මතුපිටට ආ ආසන්නතම සිද්ධිය වනුයේ පසුගිය දා තමිල්නාඩුවෙන් මතු වී ළමා දේවදාසීන් පිළිබද සිදුවීමයි. ඒ කුඩා දැරියන් මාතම්මා නම් දෙවඟනට කැප කරන ලද දේවදාසීන් ලෙස නම් කර ඔවුන් මනාලියන් ලෙස හැඩ ගන්වා දෙවොලට ගෙන යනු ලැබෙයි. ඉන් පසුව දෙවොලේ පිරිමි පූජකයින් විසින් ඔවුන්ව නිරුවත් කරනු ලබයි. එතැන් සිට ඔවුන් සිටිය යුත්තේ උඩුකය නිරුවතිනි. එදින සිට ඔවුන් පොදු දේපොලක්‌ බවට පත් වෙයි. ඔවුන්ගේ පවුල් වලින් හා අධ්‍යාපනයෙන් වෙන් කර වැඩිහිටි පිරිමි පූජකයින් භාරයේ අනාරක්‌ෂිත තබන මේ ළමා දේවදාසීන්ව නිරන්තරයෙන්ම ලිංගික අතවරවලට ලක්‌ වී තිබිණ.

මේ සිදුවීම හේතු කොටගෙන නීතියෙන් තහනම් කරන ලද දේවදාසි සංකල්පයට නැවත නිදහස ලබාදීම මත තමිල්නාඩුවටත් ආන්ද්‍ර ප්‍රදේශ්වලටත් ජාතික මානව හිමිකම් කොමිසමෙන් චෝදනා නැගී තිබිණ. ජාතික මානව හිමිකම් කොමිසමේ දත්තවලට අනුව 2013 වසරේදී ඉන්දියාව තුළ උන් දේවදාසීන් සංඛ්‍යාව 450,000 ඉක්‌මවා තිබිණ. විනිසුරු රගුනාත් රාවෝ ප්‍රමුඛ තවත් කොමිසමක්‌ ප්‍රකාශ කරන අන්දමට ආන්ද්‍ර ප්‍රදේශ් හා තෙලන්ගානාවල පමණක්‌ දේවදාසීන් සංඛ්‍යාව 80,000 ක්‌ පමණ වෙයි. නීතියෙන් කොතරම් දැඩිව තහනම් කොට තිබුණත් නීති වලින් පමණක්‌ දේවදාසීන් බිහිවීම නැවැත්විය නොහැකිය. කුලබේදය අත් හැර සෑම මිනිසකුටම මනුෂ්‍යත්වයෙන් සලකන්නට සමාජය හැඩ ගැසෙන තුරු, කුල හීන ජනතාවටද අධ්‍යාපනය ලබන්නට අයිතිය හිමි වන තුරු සහ ඒ මිනිසුන්ගේ අධික දරිද්‍රතාවට විසඳුම් සපයන තුරු ඉන්දියානු සමාජය තුළ දිගින් දිගටම දේවදාසීන් බිහිවනු ඇත.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  387 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,457 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,012 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,508 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,287 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,459 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,099 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,273 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,892 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top