මේ වගේ විෂ වායුවක් දැකලාම නෑ ....
ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ උපනායක ලහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කරමින්.
උප නායකයා වූ තිරිමාන්න තුන්වන ටෙස්ට් තරඟයෙන් ඉවත් කිරීම අසීරු තීරණයක් වූ බව නායක දිනේෂ් චන්දිමාල් පැවසූවේ ඊයේ තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමෙන් පසු නවදිල්ලී නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගනයේදී මාධ්‍ය වෙත අදහස දක්වමිනුයි.
චන්දිමාල් පැවසූවේ තිරිමාන්න ඉවත් කර ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීම අවසානයේ සාර්ථක විසඳුමක් වූ බවයි.
උප නායකයා ලෙස තිරිමාන්න ඉවත් කිරීම සහ තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් වීම නායකයා ලෙස තමාට පමණක් නොව තිරිමාන්නටද අසීරූ අවස්ථාවක් වූ බව චන්දිමාල් හෙළිකළා.
එසේ නමුත් ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව චන්දිමාල් අදහස් පළකළේ දැඩි උද්යෝගයකින්.