කාලාන්තරයක් තිස්සේ මතභේදයට තුඩු දුන් ඓතිහාසික ජෙරුසලම් නගරය ඊශ්‍රායලයේ අගනුවර බවට පිළිගන්නා බව ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළා.මේ අනුව තෙලභියු නගරයේ පිහිටා ඇති ඇමරිකා තනාධිපති කාර්යාලය ජෙරුසිලමයට ගෙන යාමට නියමිතයි.
ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන් පසු වුණා. ඊශ්‍රායලය විසින් අදාළ වෙනස්කම් පිළිගනු ලැබ ඇති නමුත් එම වෙනස්කම් මගින් මැදපෙරදිග සාම ක්‍රියාදාමය කඩාකප්පල් වනු ඇති බවට පලස්තීන සහ අරාබි රටවල නායකයෝ අනතුරු අඟවා තිබෙනවා.
1948 වසරේ ඊශ්‍රායලය ස්ථාපනය වූ අතර එය ස්ථාපිත වූ පසු ජෙරුසලම එරට අගනුවර වශයෙන් පිළිගන්නා ප්‍රධාන රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත් වී තිබෙනවා.
එය එසේ වෙද්දී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබෙනවා ට්‍රම්ප් මෙසේ අනුමැතිය ලබා දීම මගින් ඇමරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන රටක් හා ජනාධිපති වරයෙක් නොවන බවයි. එය එසේ තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂිත කවුන්සිලය මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ සතිය අගවන විට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ එම සංවිධානයට අයත් වන ජාතින් 15 න් 8ක් එකතු කරගෙන.