ශ්‍රී ලංකා ඉන්දියා තුන් වැනි ටෙස්ට් තරගය මේ වන විට නවදිල්ලි නුවර පෙරොෂ් ශා කොට්ලා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ලකුණු 410 ඉලක්කයක් හබා යන ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර පරාජයෙන් බේරා ගැනීමේ සටනක සිටින ධනංජය ද සිල්වා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය ටෙස්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරන්නට මිට ටික වෙලාවකට පෙර සමත් වුණා.
එම ශතකය වාර්තා පොත අතරට එකතු වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වසර 10 කට පසු මව්බිමෙන් පිටතදී හතරවන ඉණිමයෙදී වාර්තා කළ පළමු ශතකය ලෙසයි.