මනමාලයෙක් හා මනාලියක් විවාහ වී පැයකට පමණ පසුව මධුසමය ගත කරමින් සිටියදී යහනේ මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් යේමනයෙන් වාර්තා වේ.
ඔවුන් විවාහ සාදයෙන් පිටව මධුසමයට සිය නිවසට ගොස් ඇති අතර, නිවසට යන විට අදාල පෙදෙසෙහි විදුලිය විසන්ධි වී ඇත.
එම නිසා කාමරයේ ජනේලයක් අසල වූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර ඔවුන් යහන්ගතව තිබේ. ඒ අවස්ථාවේදී විදුලි ජනන යන්ත්‍ර යෙන් පිටවූ ධූලක වායුව ආග්‍රහණය වීම නිසා නොසිතූ ලෙස ඔවුන් මියගොස් ඇත.
ඔවුන්ගේ විවාහය පිළිබඳව සොම්නසින් පසුවූ නව යුවලගේ නෑයන් පසුදින ඔවුන්ට සුභ පැතුම් රැගෙන නිවසට පැමිණ ඇති අතර එහෙත් නිවස තුළින් කිසිදු හැලහොල්මනක් නොවීම නිසා එහි ඉදිරිපස දොර කඩා ඇතුළුව ඔවුන් විපරම් කොට ඇත.
ඒ අවස්ථාවේදී මිය ගිය යුවලගේ දේහයන් දෙක ඔවුන්ට හමුවී ඇති බව යේමන් පුවත්පත් වාර්තා කරයි.