Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
ගෝඨාභයට අද ලැබුණ සහනය මෙන්න

- ගෝඨාභයට අද ලැබුණ සහනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,140 Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අද(06) දින තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය මේ මස 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කර ඇති පෙත්සම 15 වන දා විභාගයට ගැනීමට ද අභියාචනාධිකරණය තීරණය කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ ට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද(06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.

දිවංගත ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට සහතිකයක් ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සම සලකා පෙත්සම්කරුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක්‌ අනුව ගෝඨාභය රාජපක්‌ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අද(06) දක්‌වා රහස්‌ පොලිසියට තහනම් කළා.

එම තහනම තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් උසාවියට ඉදිරිපත් කෙරෙන කරුණු සලකා බලා අද තීරණයක්‌ ගනු ඇති.

අභියාචනාධිකරණයේ සභාපති එල්. ටි. බී. දෙහිදෙනිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න හමුවේ මෙම විභාගය පැවැත්වෙනවා.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ විරකැටිය මැදමුලන දිවංගත ඩී. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකළේ රාජපක්‍ෂ පදනම සහ පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාව අතර ඇතිකරගත් කොන්ත්‍රාත් ගිවිසුමකට අනුව බවයි.

රජයේ තක්‌සේරුවට අනුව එය ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්‍ෂ 33 ක්‌ වැයවී ඇති බවද ඉන් කොටසක්‌ මුලින් ගෙවා ඇති අතර පසුව සම්පූර්ණ මුදල ගෙවා අවසන් කළ බවද එහි සඳහන්.

මෙය දෙපාර්ශ්වය අතර සිවිල් හා වාණිජමය ගනුදෙනුවක්‌ බව පවසන පෙත්සම්කරු එය පොදු දේපළ නීතිය යටත් නොවන බවද කියා සිටිනවා.

තත්ත්වය එසේ තිබියදී 2015 වර්ෂයේදී වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අමාත්‍ය ධුරයට පත්වූ ජාතික හෙළ උරුමයේ නායකයා වන පාඨලී චම්පික රණවක මහතා දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්‌මරණ ශාලාව ඉදිකිරීම සඳහා ඊට වැඩි මුදලක්‌ වැය වී ඇතැයි කියා සිටි බවත් ඉතිරි මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන බව දන්වා ඔහු සමීපව ඇසුරු කරන නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක්‌ එවූ බවත් ඒ අතර රජයේ මුදල් අවභාවිත කළැයි තමාට එරෙහිව බරපතළ අපරාධ විමර්ශන ඒකකය විසින් මහෙස්‌ත්‍රාත් උසාවියට සහතිකයක්‌ ගොනුකළ බවත් පෙත්සමේ සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව එකී පියවර ගෙන ඇත්තේ රජයේ බලවතුන්ගේ පෙළඹවීම පිට තමාගෙන් පළිගැනීමට හා අත්අඩංගුවට ගෙන ඇප නැතිව රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවද පෙත්සමේ දැක්වෙනවා.

මේ අතර බලය බෙදීම තුළින් දෙමළ ජනතාවගේ ගැටලු විස‍ඳෙන්නේ නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ ගාල්ලේ පැවැති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  2 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  802 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,401 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,262 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,454 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top