ශ්‍රී ලංකා පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය පැවැති දින දි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ තැනැත්තියක් සිය කාමරයට ගෙන්වා ගැනීම පිළිබදව චෝදනා එල්ල වූ කිත්රුවන් විතානගේට වසරක අත්හිටු වූ තරග තහනමක් පැනවී ඇත්තේ එම තරගයේදී තමන්ට හිමිවන්නට තිබූ තරග මුදලද අහිමිකරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැනවූ වසරක තහනම් කාලය තුළදී කිත්රුවන්ට විනය විරෝධී චෝදනා එල්ල වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන බව අවධාරණය කර තිබේ.
ඒ හේතුවෙන් කිත්රුවන්ට පැනවූ වසරක ක්‍රිකට් පරිවාස කාලය තුළදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අවධාරණය කර තිබේ.