Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
"එදා දවසට අවශ්‍ය විදිහට මුහුණ දෙන එක තමයි මම කරන්නේ නැත්තම් ඒක දුකක්.." - ගිවන්ත අර්ථසාද්

- "එදා දවසට අවශ්‍ය විදිහට මුහුණ දෙන එක තමයි මම කරන්නේ නැත්තම් ඒක දුකක්.." - ගිවන්ත අර්ථසාද්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
"එහෙම කියලා මම රංගනය අතහරින්නේ නැහැ.."

"ඉදිරියෙදි එහෙම වෙයිද දන්නේ නැහැ..."

ගිවන්ත අර්ථසාද් කියන්නේ කාලයක් පුංචි තිරයේ පෙම්වතාගේ චරිතයෙන් දකින්න ලැබුණු චරිතයක්. නමුත් දැන් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. කාලෙකට පස්සේ ආයෙමත් රංගනයේ යෙදෙන ගිවන්ත හිරු මෙගාස්ටාර් රියැලිටිකරණයටත් සම්බන්ධ වෙලා නර්ථනයෙන් දායක වුණා. මේ ඔහු ගැන අලුත් තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි.

ගිවන්ත ජයග්‍රාහකයෙක් වෙලා. ඒ ජයග්‍රහණය ගැන මුලින්ම කතා කරමු...?
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට තරගයක් පැවැත්වුවා. එහිදී මම අධ්‍යක්ෂණය කළ Colour light කියන කෙටි චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ මුළු තරගාවලියේ තුන්වැනි ස්ථානයට හිමි සම්මානය හිමිවුණා. මට ගොඩක් සතුටුයි මගේ පළමුවැනි අධ්‍යක්ෂණයට මේ වගේ ඇගැයීමක් ලැබීම ගැන.

පළමුවැනි අධ්‍යක්ෂණයට මේ වගේ ඇගැයීමක් බලාපොරොත්තු වෙන්නත් ඇති..?
ඇත්තටම ජයග්‍රාහීි බලාපොරොත්තුවක් තියාගෙන තමයි චිත්‍රපටය කළේ. මට සතුටු ඒකයි. පළමුවැනිම වැඩේ මේ විදිහට සාර්ථක වීම ගැන සෑහෙන සතුටක් තියෙනවා.

නිර්මාණයට දායක කරගත්තේ ජනප්‍රිය පිරිසක්ද..?
සුදර්ශන බණ්ඩාර, එස්.අයි. සමරක්කොඩි කියන දක්ෂයෝ දෙන්නා තමයි මගේ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.

අධ්‍යක්ෂ භූමිකාව තුළ අපි ගිවන්තව දැකලා තිබ්බේ නෑ. මේ ජයග්‍රහණයත් එක්ක ඔබටම ඔබේ අධ්‍යක්ෂණ කාර්යය ගැන තෘප්තියක් ඇති වෙන්න ඇති නේද..?
අනිවාර්යයෙන්ම. අධ්‍යක්ෂවරයෙක් වෙන එක මගේ හීනයක්. ඉතිං මේ ඇගැයීමත් යම් කිසි නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමේදී හොඳ පදනමක්.

ඒ කියන්නේ ගිවන්ත ළඟදීම ලොකු වැඩක් කරයි වගේ..?
ඔව්. ළඟදීම මම ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්න ඉන්නේ. මේ සම්මානයත් මගේ ඒ කටයුත්තට සුබ ලකුණක්.

ඒ කියන්නේ රංගන භූමිකාවට තිත තියන්නද ලෑස්ති වෙන්නේ..?
මම කලාවට ආවේ රංගනයෙන්. ඒ නිසා රංගනය අතහරින්න අදහසක් නෑ. මට අවස්ථා ලැබුණොත් මම ඒ නිර්මාණවලටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

අධ්‍යක්ෂණ භූමිකාව පහසු නෑ. නිෂ්පාදකවරු හොයාගන්න ඕනේ. කරන දේ උපරිම හොඳට කරන්න රංගන ශිල්පීන් හොයා ගන්න ඕන. අධ්‍යක්ෂවරයෙක් වෙද්දි ඊට අවශ්‍ය පසුබිම් කාරණා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද..?
ඔව්. ඊට අවශ්‍ය සියලු කාරණා සපුරා ගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් දුරට විශ්වාසයක් තියෙනවා. මම මීට කලින් වැඩක් කරලා නැති නිසා මං ගැන විශ්වාසයක් තියෙන නිෂ්පාදකවරයෙක් හොයා ගන්න පොඩි ගැටලුවක් තියෙනවා. රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් ගත්තොත් ඕන තරම් අය ඉන්නවා මගේ වැඩකට සම්බන්ධ වෙන්න.

දැන් ගිවන්ත ටෙලි තිරයේ වැඩවලට සම්බන්ධ වෙන්නේ අඩුවෙන්ද..?
මේ දවස්වල මල් හතයි ටෙලි නාට්‍යය  විකාශය වෙනවා. මම සම්බන්ධ වුණු තවත් ටෙලි නාට්‍ය හතක් විතර විකාශය වෙන්න තියෙනවා. වැඩ ලැබෙන විදිහට මම සම්බන්ධ වෙනවා.
අලුත් අලුත් අය ක්ෂේත්‍රයට එද්දි පරණ මුහුණ අමතක වෙනවා. අධ්‍යක්ෂවරු පරණ ශිල්පීන්ව අමතක කරනවා කියල මතයක් තියෙනවා. ගිවන්තට එහෙම ගැටලුවක් දැනිලා නැද්ද..?
මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහතුනක් විතර වෙනවා. මේ අවුරුදු දහතුන ඇතුළේ මම වැඩ නැතුව, නාට්‍ය නැතුව කවදාවත් ඉඳලා නැහැ. මට තාම ඔය ඉරණමට මුහුණ දෙන්න වෙලා නැහැ. ඉදිරියෙදි එහෙම වෙයිද දන්නේ නැහැ.

සිනමාවට ගිවන්තගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති හැඩයි..?
අනේ මන්දා. මටත් හිතාගන්න බෑ ඒ ඇයි කියලා. සුනෙත් මාලිංගගේ ස්පන්ධන චිත්‍රපටයෙන් පස්සේ සිනමාවට ආරාධනාවක් ආවේ නැති තරම්. ටෙලි චිත්‍රපට නම් දෙකක් විතර කළා. සිනමාවට ආරාධනා අඩු ඇයි කියලා මාත් හොයනවා. සිනමාවට හොයන පෙනුම මට නැති නිසා වෙන්නත් ඇති.

ඒ කියන්නේ රොමෑන්ටික් පෙම්වතාගේ පෙනුම ගිවන්තට නැද්ද..?
එහෙමද දන්නේ නෑ. සමහර විට ඒ හොයන පෙනුම මට නැතුව ඇති.

ආයෙත් රියැලිටි වැඩකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද..?
අලුතෙන් නම් තාම රියැලිටි වැඩකට ආරාධනා ලැබුණේ නැහැ. පසුගිය කාලේ එකක් කළා. හොඳ වැඩක් ලැබුණොත් භාරගන්නවා. මම කැමැතියි වෙනසකට ඒ වගේ දේවල් කරන්න.

ජීවිතයේ තවත් වැඩ සැලසුම් කරගෙන තිබෙනවාද..?
මම ගොඩක් දුරට ජීවිතයේ දේවල් සැලසුම් කරනවා අඩුයි. එදා දවසට අවශ්‍ය විදිහට මුහුණ දෙන එක තමයි මම කරන්නේ. සැලසුම් කරලා ඒ දේවල් ඒ විදිහටම නොවුණම දුකක්නේ. ඒ නිසා එන පැත්තට ගහ උළුවස්සා කියලා වැඩ කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top