දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 113.5 කණුව ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් කොක්මාදූව සහ ඉමදූව අතර කොටසේ ගමනාගමනය අවහිර වී තිබුණා.
මේ වනවිට කොක්මාදූව සහ ඉමදූව අතර කොටසේ ගමනාගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වුණේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කළේ අද අලුයම 4ට පමණ අඩි 20ක් පමණ දිගින් යුත් මෙම කන්ටේනර් රථය රියදුරාට පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටේ වැදී පෙරළී ගොස් තිබූ බවයි.
මෙම කන්ටේනරය කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් පැවති බවයි පොලීසිය සදහන් කළේ.
මේ වන විට පෙරළී තිබූ කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනයට ඉඩ සලසා ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.