Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
"එක ත්‍රස්‌තවාදියෙක්‌ හිර කූඩුවෙ දොර ළඟ ඉදිද්දී තවත් දෙන්නෙක්‌ මාව දූෂණය කළා..." - Photos

- "එක ත්‍රස්‌තවාදියෙක්‌ හිර කූඩුවෙ දොර ළඟ ඉදිද්දී තවත් දෙන්නෙක්‌ මාව දූෂණය කළා..." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,392 Views
" දූෂණය කළාට පස්‌සේ  මගේ ඇදුම් ටිකවත් ආපහු දුන්නෙ නෑ.."

"ඒක පුංචි දරුවකුට දරාගන්න අමාරු අත්දැකීමක්‌..."

"කුසේ හිටපු බිළිඳු දියණිය ගබ්සා වුණා.."

කේට්‌ලන් කෝල්මන් ඉපදුණේ ඇමරිකාවේ පුංචි නගරයක. ලෝකෙ එක එක රටවල්වල සංචාරය කරන්න කේට්‌ලන් කෝල්මන් ඇලුම් කළා. කේට්‌ලන්ගේ සැමියා කැනේඩියානු ජාතිකයෙක්‌. ඔහුගේ නම ජොෂුවා බොයිලේ.

කේට්‌ලන් කෝල්මනුත්, ජොෂුවාත් යුද්ධයෙන් ගිනි ඇවිලුණු ඇෆ්ගනිස්‌ථානයේ සංචාරය කරන්න පිටත් වුණේ සංචාරයට තියෙන ඇල්ම නිසාමයි. ඇමෙරිකාවේ ඈත නගරයක උපන්න සාමාන්‍ය ගැහැනියක්‌ වුණු කේට්‌ලන් ලෝකයටම ප්‍රවෘත්තියක්‌ බවට පත්වෙන්න මේ ඇෆ්ගන් සංචාරය හේතු වේවි කියලා කේට්‌ලන්වත් ජොෂුවාවත් මොහොතකටවත් හිතුවෙ නෑ.
 
ඒ ඇෆ්ගන් සංචාරයේදී කේට්‌ලන්වයි ජොෂුවාවයි තලේබාන් සංවිධානයට සම්බන්ධ සන්නද්ධ ත්‍රස්‌තවාදී කල්ලියක්‌ විසින් පැහැරගත්තා. ඒ 2012 දී. එයින් පස්‌සේ සෑහෙන කාලයක්‌ යනකල් මේ දෙන්නට මොකක්‌ද වුණේ කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ටික කාලයකට පස්‌සේ ඇමෙරිකානු රජයෙන් අත්අඩංගුවේ රඳවාගෙන ඉන්න තලේබාන් සිරකරුවන් වෙනුවට කේට්‌ලන් ජොෂුවා පවුල හුවමාරු කරගන්න යෝජනාවල් ඇමෙරිකානු රජයට ඉදිරිපත් වුණ බවත් සඳහන් වෙනවා.
 
ඒත් 2017 අවුරුද්දේ ඔක්‌තෝබර් 11 වැනිදා පාකිස්‌තාන් හමුදාව මේ පවුල ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් නිදහස්‌ කරගන්න කල්ම ඒ ගොල්ලො තලේබාන් ත්‍රස්‌තයන්ගේ අත්අඩංගුවේ ඉඳන් දුක්‌ වින්ඳා.
 
ත්‍රස්‌තවාදීන් මේ දෙන්නව පැහැරගන්නකොට කේට්‌ලස්‌ මාස පහක ගැබිණියක්‌. ඔවුන්ගෙ ඒ කුළුඳුල් පුතා ඉපදෙන්නෙත් තලේබාන් ත්‍රස්‌තයන්ගේ අත්අඩංගුවේ ඉඳිද්දිමයි. ප්‍රාණ ඇපකාරයන් විදිහට රඳවාගෙන හිටපු අවුරුදු පහක කාලසීමාව ඇතුළත කේට්‌ලන්ටත් ජොෂුවාටත් තවත් දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. ඔවුන් මේ දරුවෝ තුන්දෙනා හදාවඩා ගත්තේ සෑහෙන්න දුක්‌ විඳලා.
 
තලේබාන් ත්‍රස්‌තයන්ගේ ම්ලේච්ඡ වධ හිංසා මැද ඒ දරුවෝ තුන්දෙනාව හදාවඩා ගන්න විඳපු දුක්‌ කන්දරාව නිදහස්‌ වුණාට පස්‌සෙ කේට්‌ලන් මාධ්‍යයට විස්‌තර කළා. කේට්‌ලන් ඒ දරුවන්ට සෙල්ලම් කරන්න හිස්‌ බෝතල් මූඩි වලිනුයි, අහක දාන කාඩ්බෝඩ් වලිනුයි සෙල්ලම් බඩු හදලා දීපු හැටිත්, වැඩිමල් දරුවාට භූගෝලයත් තාරකා විද්‍යාවත් ගැන තනියම කියාදීපු හැටිත් කේට්‌ලන් මතක්‌ කරන්නේ කඳුළු පිරුණු ඇස්‌ වලින්.
 
"ඒ ගොල්ලො හැදෙන වැඩෙන හැටි දැක්‌කාම, එයාලගෙ හැදෙන වයසෙදී එයාලා අත්දකින දේවල් දැක්‌කාම මට දරාගන්න බැරි දුකක්‌ ඇති වෙනවා. ඒ නිසා ඒ තත්ත්වයේදීත් ඒ ගොල්ලෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්‌ම මං කළා.." කේට්‌ලන් කෝල්මන් කියනවා.
 
කේට්‌ලන් කෝල්මන් බොයිලේවත් එයාගේ සැමියා ජොෂුවා බොයිලේවත් දරුවො තුන්දෙනාවත් පාකිස්‌තානු හමුදාව මැදිහත්වෙලා ත්‍රස්‌ත අත්අඩංගුවෙන් බේරගන්නේ මේ අවුරුද්දෙ ඔක්‌තෝබර් 11 වැනිදා. ඒ දවස වෙනකල්ම තලේබාන් ත්‍රස්‌තයෝ තමන්ගේ වැඩිමහල් පුතාට දවස ගානෙම කෝටුවකින් පහර දුන්නු බව කේට්‌ලන් කියන්නේ වේදනාවෙන්.
 
"ඒක පුංචි දරුවකුට දරාගන්න අමාරු අත්දැකීමක්‌. හැම තිස්‌සෙම බයෙන් ඉන්න සිද්ධ වෙන එක.. එයා දැනගෙන හිටියා කොයි වෙලාවක හරි අපේ මුළු පවුලම මරලා දාන්න වුණත් ඉඩ තියෙනවා කියලා. මේ වගේ ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවත් වෙනකොට බෙල්ල කපලා මරලා දානවා කියන එකත් ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්‌නෙ.. ඒක හින්දා ඒ වගේ දෙයක්‌ වුණත් ඒ තරමටම බය වෙන්න කාරණාවල් නෙවෙයි කියන එක එයාට ඒත්තු ගන්නන්න අපි එයාව වෙනස්‌ විදිහේ සෙල්ලම් වලට හුරු කළා.
 
මම එයාලාට පළවැනි චාල්ස්‌ රජුගේ කතාව කියා දුන්නා. 1649 දී පළවැනි චාල්ස්‌ රජුගේ හිස ගසා දමපු හැටි කියා දුන්නා. ඊට පස්‌සෙ එයාලා චාල්ස්‌ රජුගේ සෙල්ලම කළේ විනෝදයෙන්.
 
කොයි වෙලාවක හරි තමන්ගේ හිස ගසා දාන එකත් සාමාන්‍ය සිදුවීමක්‌ විදිහට එයාට තේරුම් යන්න ඇති ඒකෙන්.."
 
තලේබාන් ත්‍රස්‌තවාදියොත් එක්‌ක ජීවත් වුණු ජොෂුවාටත් කෝල්මන්ටත් නිතරම අඩන්තේට්‌ටම් වලට මුහුණදෙන්නත් සිද්ධ වුණා. එක වතාවක්‌ තලේබාන් මුර භටයොත් එක්‌ක ඇති වුණ ප්‍රශ්නෙකදී කේට්‌ලන්ගේ හකු ඇටයත්, ඇඟිලි තුනකුත් බිඳිලා ගියා.
 
කේට්‌ලන් ඒ තුවාල ගැන ආඩම්බර වෙන්නෙ ඇයට ඒ තුවාල සිද්ධ වුණේ තමන්ගේ ස්‌වාමියාවත් දරුවන්වත් ත්‍රස්‌තවාදීන්ගේ අඩන්තේට්‌ටම් වලින් ආරක්‌ෂා කරගන්න මැදිහත්වෙච්ච නිසයි.
 
ජොෂුවාවත් තමන්ගේ ත්‍රස්‌ත කණ්‌ඩායමට බඳවාගන්න තලේබාන් ත්‍රස්‌තයෝ කීප වතාවක්‌ උත්සාහ කළා.
 
"ආගමික ම්ලේච්ඡයෝ කියලා මම ඒ ගොල්ලන්ගේ මුහුණටම කිව්වා. ඒ අය මේ කරපු දේට අපායේ ගින්දරෙන් පිළිස්‌සෙන්න වෙන බවත්, ඒ ගොල්ලන්ගේ ත්‍රස්‌තවාදී සංවිධානයට බැඳෙනවාට වැඩිය මැරෙන එක හොඳ බවත් මං ඒ අයට කිව්වා. ඒ හැම වතාවකම ඒ ගොල්ලෝ මට හිංසා කළා.."
 
නිදහස්‌ වෙලා කැනඩාවට ආවට පස්‌සේ ජොෂුවා බොයිලේ AC මාධ්‍ය ජාලයට දුන්නු සම්මුඛ සාකච්ඡාවෙදි ත්‍රස්‌තවාදියෝ තමන්ගේ එක දරුවෙක්‌ව මවු කුසේදීම මරා දාපු බවට චෝදනා කළා.
 
"උන් අපේ සිරකුටියට ආවා. මගේ ස්‌වාමිපුරුෂයාව බලහත්කාරෙන් අල්ලාගෙන හිර කූඩුවෙන් එළියට ඇදගෙන ගියා. එක ත්‍රස්‌තවාදියෙක්‌ මාව බිමට තල්ලු කළා. ඊට පස්‌සෙ "මං උඹව මරනවා.. මං උඹව මරනවා" කිය කියා මට පහර දුන්නා. එක ත්‍රස්‌තවාදියෙක්‌ හිර කූඩුවෙ දොර ළඟ ඉදිද්දී තවත් දෙන්නෙක්‌ මාව දූෂණය කළා. දූෂණය කළාට පස්‌සේ උන් මට මගේ ඇදුම් ටිකවත් ආපහු දුන්නෙ නෑ.." තමන්ගේ කුසේ හිටපු බිළිඳු දියණිය ගබ්සා වුණු අත්දැකීම කේට්‌ලන් විස්‌තර කළා.
 
කේට්‌ලන් ජොෂුවා පවුල දැන් ඉන්නෙ කැනඩාවේ. අවුරුදු ගාණක්‌ ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහණයේ නොවිඳිනා දුක්‌ විඳපු මේ පවුල දැන් ආයෙමත් සාමාන්‍ය ජීවිතේට හුරුවෙන්න උත්සාහ කරනවා.
 
දරුවන්ගේ අනාගතය ගැන අහපුවාම කේට්‌ලන් දෙන්නෙ එක උත්තරයයි.
 
"දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් මං ප්‍රාර්ථනා කරන්නෙ එක දෙයයි. එයාලා ඇති තරම් බයටත් දුකටත් මුහුණදුන්නා. ඒ නිසා එයාලාට ආයෙමත් ජීවිතේ තියෙන තුරුම ත්‍රස්‌තවාදයට නම් මුහුණදෙන්න සිදු නොවේවා කියලා විතරමයි මම ප්‍රාර්ථනා කරන්නෙ".
 
කේට්‌ලන්ගේ ඒ ප්‍රාර්ථනාව තමයි මේ මුළු ලෝකයේම හැම අම්මා කෙනකුගේම තාත්තා කෙනකුගේම ප්‍රාර්ථනාව වෙන්නත් ඕන. ත්‍රස්‌තවාදය කියන්නේ කේට්‌ලන්ගේ දරුවන්ට විතරක්‌ නෙවෙයි මුළු ලෝකයේම දරුවන්ට කවදාවත් මුහුණදෙන්න සිදු නොවිය යුතු අත්දැකීමක්‌.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,944 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,358 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,248 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top