මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට මෙතෙක් බිහිවූ සුපිරිම දඟපන්දු යවන්නා බව කවුරුත් පිලිගන්නා කරුණකි.
කෙසේ වෙතත් රෝස් එමර්සන් නම් වූ ඕස්ට්‍රේලියානු විනිසුරු විසින් ඔහු පන්දුව දමා ගසන බවට පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම මත බවත් එමනිසා අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බව ප්‍රකාශ කොට ඇත. ඔහු මෙසේ පවසා ඇත්තේ ඩේලි ටෙලිග්‍රාෆ්ට් පුවත්පතයි.
1996 වසරේදී බ්‍රිස්බේන් හීදි බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලිදරන් යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට රෝස් එමර්සන් විනිසුරුවරයා චෝදනා එල්ල කළේය.
ඒ, ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයක්. පසුව ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළා.
කෙසේ වෙතත් අදාල චෝදනාවලින් නිදහස් වූ මුරලි මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වශයෙන්ද කටයුතු කිරීම සුවිශේෂි කරුණක්..