Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
ජීවිතයේ හැළ හැප්පිලි මැද්දේ බොලිවුඩයේ සොඳුරු ආදරවන්තයා වූ ශෂී කපූර්ගේ ජීවන මංපෙත - Photos

- ජීවිතයේ හැළ හැප්පිලි මැද්දේ බොලිවුඩයේ සොඳුරු ආදරවන්තයා වූ ශෂී කපූර්ගේ ජීවන මංපෙත - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,241 Views
"පිළිකාවකින් බිරිද මිය යන්නේ මිට වර්ෂ 33 පෙර.."

"ශල්‍ය කර්මයක් කරන්න ඕන කිව්වා.."

බොලිවුඩ් සිනමා කර්මාන්තයේ රූපකාය මෙන්ම සහජ රංගන හැකියාව ඔහු සතුව තිබුණු නිසා ශෂී කපුර් කියන නාමය බොලිවුඩ් සිනමාව තුළ ‍වැජඹෙන තරුවක් බවට පත් විය. ලොව නොමියෙන නාමයන් අතරට ඔහුගේ නමත් ඇතුළත් වන්නේ එනිසාය. ඔහු වර්ෂ 79ක් ආයු වළදා ඊයේ දින සිනමා කර්මාන්තයෙන් මෙන්ම තම ජිවන ගමනටද සමු දුන්නේය.වර්ෂ 1938 මාර්තු 18 වැනිදා කල්කටා ප්‍රාන්තයේ උපත ලැබූ ඔහුගේ පියා Prithviraj Kapoor,ය. මවගේ නම Ramsarni Kapoor ය.

 Shammi Kapoor, ඔහුගේ බාල සොහොයුරුය.ඔහුගේ වැඩිමහල් සහෝදරයා  Raj Kapoor ය.ඔහු සිය අධ්‍යාපනය ලබන්නේ දිල්ලි දොන් බොස්කෝ උසස් විද්‍යාලයෙනි. කපුර් සිය පවුල කලාවට ඕපපාතිකයක් නොවේ. බොලිවුඩ් සිනමා කර්මාන්තයට සිය පවුලෙන්ම දායකත්වය හිමි වෙද්දී ශෂී කපුර් ඔහුට වයස අවුරුදු 10 සපිරෙද්දීම රිදී තිරයේ කැමරා කාචය ඉදිරියේ රගන්නට සමත් විය. ඒ වර්ෂ 1948 දී Aag සිනමා කෘතිය වෙනුවෙනි. ඉන් පසුව ඔහු හින්දි සිනමාවේ දක්ෂතම හා ජනප්‍රියතම ළමා නළුවාද විය. වර්ෂ 1951 දී Awaara සිනමාපටයට රංගනයෙන් දායක වූ ඔහු  ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ Raj Kapoor, සමග වර්ෂ 1950 දී  Sangram සිනමා පටයට රංගනයෙන් දායක වන්නට සමත් වුය.

ඔහුට වයස අවුරුදු 22ක් වන විට ඔහු සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසද ඔහුගේ සිනමා අධීක්ෂණ කටයුතු ආරම්භ කළේය. එතැනින් අධ්‍යක්ෂණයට ආරම්භය ගත් හෙතෙම බොලිවුඩ් සිනමා කර්මාන්තයට සිනමා කෘති රැසක්ම බිහි කළ අතර ශෂී කපුර් නම් වූ ලස්සන රූපය ඉංග්‍රීසි සිනමා කාචය ඉදිරියටද ගියේය. ඒ නිසා ඔහු බොලිවුඩ් සිනමාවට පමණක් නොව ඉංග්‍රීසි සිනමාවටත් නැතිවම බැරි රංගන ශිල්පියෙක් විය.

1970 සහ 1980 ගණන්වල බොලිවුඩ් සිනමා කර්මාන්තයේ බොක්සිං නළුවෙකු වූ අමිතාබ් බච්චන් සමඟ ඔහු එකට රඟපෑවේය. ඔවුහු සහෝදරයන්, හොඳම මිතුරන් වූහ.

ශෂී  කපූර් චිත්‍රපටි 116 ක ප්‍රධාන චරිතය වන්නේ 70 හා 80 දශකවල ජනප්‍රිය තරුව වෙමිනි. ඔහු මිය යන විට චිත්‍රපටි 150කට අධික සංඛියාවයාවක සිය රංගන දායකත්වය ලබා දී තිබුණු අතර ජනප්‍රිය හා දක්ෂතම නළුවා ලෙසින් වර්ෂ ගණනාවක් පුරා සම්මාන ලබන්නටත් සමත් විය. එපමණක් නොව 2011 දී ඉන්දියානු රජයෙන් පද්මා භූෂාන්ගේ සිවිල් ගෞරවය පිදුම්  ලබන්නටත් ඔහුට පුළුවන් විය.

බ්‍රිතාන්‍ය හා ඇමරිකාණු චිත්‍රපටි කිහිපයකම ඔහු රංගනයෙන් දායක වූ නිසා ඔහු ඔහුගේ ජිවිතයට සමීපතම තරුණිය හා ආදරය සොයා ගන්නේද බ්‍රිතාන්‍යයෙනි. ඇය  බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක වුවාය.ඇය නමින්  Jennifer Kendal.ඔහු ඇය සමග වර්ෂ 1958 දී ඔහු විවාහ විය. ඔවුන්ට දරුවන් තිදෙනෙකු උපත ලැබූ අතර දරුවන්ට Kunal Kapoor,Karan Kapoor,Sanjana Kapoor යන නම් තැබුවෝය. නමුත් ඔහු වර්ෂ 1984 සිට දරුවන් සමග තනි විය. ඒ ඔහුගේ ආදරණිය බිරිද පිළිකාවකින් මිය ගිය නිසාය. බිරිද මිය ගිය පසු ඔහු වෙනත් විවාහයක් ගැන සිතුවේ නැත. ඒ දරුවන්ට තම මව තරම් ආදරයක් වෙනත් ගැහැණියකගෙන් නොලැබෙන නිසාය.කාලය කෙමෙන් ගෙවී ගිය තැන බිරිද නැති පාළුව මකාගන්නට ඔහු තව තවත් රංගනයට හා නිර්මාණ අධ්‍යක්ෂණයට වගේම නිෂ්පාදනයට සම්බන්ධ විය.

හැමෝම ආදරය කළ මේ කලාකරුවා 2012 වර්ෂයේ හිටි හැටියේම අසනීප වූ නිසා ඔහුව රෝහල් ගත කළේය. එහිදී වෛදයවරුන් ඔහුට කිව්වේ "ශෂී ඔබගේ වකුගඩුව දැඩි ලෙස දුර්වල වී තිබෙනවා..ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය වෙනවා.."කියාය. ඔහුගේ හදවත ඒ මොහොතේ නතර වුණේ නැත. ඔහු දුක් වුණෙත් නැත. වර්ෂ ගණනාවක් පුරා බිරිදගේ ආදරෙන් දුරස්ව සිටි ඔහුට ඉක්මණටම ඇයගේ ලෝකයට යන්නට වුවමනා විය. ඒ නිසා ඔහු සමසිතින් සියළු දේ  දරාගෙන සැත්කම එම වර්ෂයේ ජුලි මස 20 වැනිදා වකුගඩුවක්ද බද්ද කළේය. ඉන් පසුව ගෙවුණු සෑම දවසක්ම රෝගය නිසා ඔහු පිඩා වින්දේය. අවසානයේ ඔහු තම ජීවී ආයු කාලයක හමාරකොට ජිවිත ගමනට ආයුබෝවන් කිවේය. ජිවන ගමනට සමුදෙන ශෂී කපුර් ඔබට නිවන් සුව..!!!

හිරු ගොසිප් කළ පරිවර්ථනයකි

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  29 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  475 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  521 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  511 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,439 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,659 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,441 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,316 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  55,091 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,360 Downloads



Top 10 Commenters

Latest Comments

Top