Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
05
"මට තියෙන්නේ අවුරුදු 12ක ආදර කතාවක්.. මම ඒ ආදරේ හංගන්නේ නැහැ.." - විරාජ් පෙරේරා

- "මට තියෙන්නේ අවුරුදු 12ක ආදර කතාවක්.. මම ඒ ආදරේ හංගන්නේ නැහැ.." - විරාජ් පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
" වීඩියෝ 200කට ආසන්න ප්‍රමාණයක් මම කරලා තියෙනවා.."

"ගොඩක් දුක් විඳලා පුංචිම තැනින් ජීවිතේ පටන් ගත්තේ.."

"තමන් විවාහකයි කියලා කියන්නත් දෙපාරක් හිතනවා.."

නිර්මාණ වලට සම්බන්ධ වෙලා කෙට් කලකින් තරුණ හිත් වසඟ කරගත් නළුවෙක් විදිහට  විරාජ් පෙරේරාව හදුන්වා දෙන්න පුළුවන්.ටෙලිනාට්‍ය හා රූප රචනා වලින් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ඔහු ගැනයි මේ.

කොහොමද ජීවිතේ?
ජිවිතේ හරි කාර්යබහුලයි. රැකියාවකුත්  එක්ක කලාවේ රැඳෙනවා  කියන්නේ පහසු කාර්යයක් ‍නෙවෙයි. මියුසික් වීඩියෝ තමයි මගේ ප්‍රධානම කලා මාධ්‍යය. ඒ වගේම මේ දවස්වල ටෙලි නාට්‍යයක  වැඩකටයුතු කරගෙන සුපුරුදු පරිදි කාලය ගත කරනවා.

මොනවද අලුතින් සහභාගිවුණු නිර්මාණ?
තවම එළියට ආවේ නැති හැබැයි එන්න තියෙන මියුසික් වීඩියෝ 20-30ත් අතර ප්‍රමාණයක් තියෙනවා.  DVD films, Short films, Commercial කිහිපයක් කරලා තියෙනවා. ඒවගේම නුදුරේදීම උපයංග ශ්‍රී වික්‍රමසිංහගේ චිත්‍රපටයකත් රංගනයේ යෙදෙන්න නියමිතයි. අවස්ථා  ලැබෙනවා අඩුවුණත් ලැබෙන අවස්ථාවට මම මගේ උපරිම දායකත්වය ලබාදීලා තියෙනවා.

වැඩිපුරම මියුසික් වීඩියෝ හරහා දකින්න ලැබිමේ විශේෂත්වය මොකක්ද?
මේ වෙනකොට ඉදිරියේ දී ඒවා  තියෙන නිර්මාණත් එක්ක සේරම වීඩියෝ 200කට ආසන්න ප්‍රමාණයක් මම කරලා තියෙනවා. ඉතින් මමට ආරාධනා ලැබෙන්න හේතුව හැටියට මම දකින්නේ මගේ හැකියාව. මොකද දෙබස් නැති ගීත රූප රචනා කියන්නේ  විනාඩි 3,4ක් තුළ උපරිම හැඟීම දැනවිය යුතු කාර්යයක්. එතැනදී මම ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා.

වැඩිහිටියන්ට පමණක් සීමාවුණු මියුසික් වීඩියෝවක් සඳහා ආරාධනා ලැබුණොත් ඔබ භාර ගන්නවාද?
 මිනිසුන්ට සමීප සමාජ මාධ්‍ය හරහා මියුසික් වීඩියෝ ජනප්‍රිය කරවීමේ කලාවක් තමයි අද තියෙන්නේ. ඉතින්  එතකොට ලිංගිකත්වය ඉස්මතු කරලා වැඩි නරඹන්ණන් ප්‍රමාණයක් එකතු කරගන්න කලාකරුවෝ යොමුවෙලා තියෙනවා. හොඳ උසස් ගණයේ සිනමා පටයක  හැරුණුකොට මියුසික් වීඩියෝ තුළදී ලිංගිකත්වය හුවා දක්වන්න මම සූදානම් නෑ. වගකිව යුතු ආයතන රැසක වෙළෙඳ ප්‍රචාරණ සඳහා පෙනී සිටින කෙනෙක් හැටියට මිනිසුන්ගේ විශ්වාසය මට ගොඩක් වටිනවා.

මියුසික් වීඩියෝ තුළින්  ප්‍රමාණවත් ගෙවීමක් ලැබෙනවාද?
ලැබෙනවට වඩා අපි හදාගත්තු ගෙවීමක් තියෙවා. මම සෑහෙන නිර්මාණ ප්‍රමාණයකට දායකවෙලා තියෙනවා. හැබැයි මගේ මුදල හරි සාධාරණයි. මගෙන් වෙන්න ඕනි දේත් මම උපරිම සාධාරණ ලෙස ඉටු කරනවා වගේම ඊට සරලන සාධාරණ මුදලක් අයකරනවා. ලොකු ලොකු ගණන් ඉල්ලලා ඒ නිර්මාණකරුවොත් අසරණ කරන තත්ත්වයට මම පත්වෙලා නෑ.

රැකියාවත් එක්ක කොහොමද කලාවට වෙලාව වෙන්කරගන්නේ?
කලාවට පුර්ණකාලීනව යොමුවෙන්නයි මම බලා‍පොරොත්තුවෙන් හිටියේ. නමුත් මට අවස්ථා නොලැබිම මත මට සිද්ධවුණා රැකියාවක් කරන්න. ඉතින් ගොඩක් දුක් විඳලා පුංචිම තැනින් ජීවිතේ පටන් අරන් අද වෙනකොට මම ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන ගෙන්වන ආයතනයක සහකාර අලෙවි ප්‍රවර්ධන කළමනාකරු හැටියට සේවය කරනවා. නිදහස හරි අඩුයි. කාලය ලැබෙන හැටියට කලාවටත් යොමුවෙලා මම මගේ ගමන යනවා.

රංගනය තුළ ඔබට අවස්ථා ලැබෙනවා අඩුයි ද?
මාව දන්න මාත් එක්ක ඉන්න තරුණ කොල්ලො කෙල්ලෝ මගෙන් නිතරම මේ ප්‍රශ්නෙ අහනවා. ගොඩක් දෙනෙක් කියනවා හරි අධ්‍යක්ෂවරයෙක්ට මාව තවම හම්බුණේ නෑ  කියන කතාව. ඉතින් ඒ ගැන නම් තියෙන්නේ ඇත්තටම දුකක් වගේම කලකිරීමක්. හිත් රිදීම් ගොඩක් තියෙන තැනක්නේ  කලාව කියන්නේ. බලමු ඉදිරියේදී  මගේ හැකියාවට නිසි තැන ලැබෙයි.

පෞද්ගලික ජීවිතේ ගැනත් කියමු
මම විවාහකයි. මගේ බිරිඳ උපාධිධාරී ගුරුවරියක් හැටියට නුවර ප්‍රදේශයේ සේවය කරනවා. ඇය චතූ විජේසිංහ. අපේ දුවට අවුරුදු 3යි. එයා ඉරුෂි චිත්‍ර ශ්‍රී, එතකොට අපේ  පුතා යෝ රන්දිව්. ඒ වගේම මගේ අම්මත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මම සාර්ථක  පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කීවොත් හරි.

ගොඩක් අය ජනප්‍රිය වෙන්න පෞද්ගලිකත්වය හංගනවා ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
ඔව් ගොඩක් අය තමන් විවාහකයි කියලා කියන්නත් දෙපාරක් හිතනවා. හැබැයි මම එහෙම කෙනෙක් ‍නෙවෙයි. මොකද මට තියෙන්නේ මගේ ජීවිතේ අවුරුදු 12ක පළමු ආදර කතාවක්. ඉතින් මම මගේ බිරිඳ ලෑස්ති කරලා දෙන ඇඳුම් ඇඳගෙන රඟපානවා නම්, කලාවේ නියැළෙනවා නම් ඇයි මම ඇයව හංගන්නේ. මට එහෙම කිසිම වුවමනාවක් නෑ. මගේ පෞද්ගලිකත්වය මගේ ජනප්‍රියත්වයට ප්‍රශ්නයක් වෙලත් නෑ.

කාර්ය බහුල වැඩිකම නිසා පවුල් ජීවිතේ මගහැරෙන්නේ නැද්ද?
මම රැකියාවක් කරන කලාකරුවෙක් හැටියට ගොඩක් කාර්ය බහුලයි. ඉතින් පවු‍ලේ  අයත් එක්ක ඉන්න ලැබෙන කාලය හරි අඩුයි. නමුත් මම මගේ යුතුකම් හරියටම ඉටුකරන ඒ වගේම පිළිවෙළට වැඩකරන කෙනෙක්. ඉතින් මට වෙලාව ලැබෙන හැටියට එයාලා එක්ක රැඳෙන්න මම උත්සාහ කරනවා. මම නරක නොවෙයි හොඳ නමක් හදාගෙන ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. දවසක මගේ දරුවේ මගේ බිරිඳ දවසක ඒ මගේ හොඳ ගමන දැකලා මගේ මේ අද තියෙන කාර්ය බහුලත්වයට සමාව දෙයි කියලා මම හිතනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?
මම දායකවුණු නිර්මාණ රැසක් ඉදිරියේ දී එන්න තියෙනවා. ඒවගේම සිනමාවටත් පිවිසෙන්න අවස්ථා ලැබිලයි තියෙන්නේ. මේ දවස්වල ටෙලි නාට්‍ය රංගනයෙනුත් දායකවෙනවා. හැමෝම අතර රැඳෙන්නයි මට ඕනි. මොකද හැම නළුවටම ටෙලි නාට්‍ය, සිනමාව, රූප රචනය, වෙළෙඳ දැන්වීම් සහ මාධ්‍ය ඇතුළේ රැඳෙන්න බෑ. හැබැයි මට සීමිතව වුණත් ඒ හැම අවස්ථාවක්ම ලැබිලා තියෙනවා. ඒ සාර්ථකත්වය ඉස්සරහටත් තවත් ඔප මට්ටම් කරගන්න මම බලා‍පොරොත්තු වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top