ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 356ක් ලබා සිටියා.
අද තරගයේදී සුපිරි පිතිහරඹයක නිරත වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 08 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 111 ක් ලබා ගත්තා.
මැතිව්ස්ගේ මෙම ඉනිම ඉන්දියාව තුලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තාකළ අමතක නොවන ඉනිමක් බවයි විස්තර විචාරකයින් පවසා සිටියේ.
පන්දු 231ක් තුල ගොඩ නැගුනු ඔහුගේ ඉනීමට හතරේ පහර 12ක් සහ හයේ පහර 02ක් ඇතුලත් වුණා.
ඔහුට අනගි සහයක් ලබා දෙමින් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 147 ක් රැස් කළා.
සධීර සමරවික්‍රම ලකුණු 33 යි.
දිමුත් කරුණාරත්න, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු ලබාගැනීමට පෙර දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුණා.
සුරංග ලක්මාල් ලකුණු 5 ක් සහ ලහිරු ගමගේ එක් ලකුණක් රැස් කළා.
පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 ක් දවා ගනිද්දි මොහොමඩ් ෂමී, ජඩේජා සහ ඉෂාන්ත් ෂර්මා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 536ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.
මැතිව්ස් ශතකය සම්පුර්ණ කළ අයුරු පහතින්..