Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
සල්ලි හොයන්න වෑන් එකක් කුළියට අරගෙන ජංගම ගණිකා ව්‍යාපාරයක් කරගෙන ගිය රංජිත්ට අවසානයේ සිදු වූ දේ - Video

- සල්ලි හොයන්න වෑන් එකක් කුළියට අරගෙන ජංගම ගණිකා ව්‍යාපාරයක් කරගෙන ගිය රංජිත්ට අවසානයේ සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,371 Views
"අපි පොලීසියට අහුවෙන්න වැඩ කරලා තියෙනවද?"

"ඩීල් කරන එක මායි මගේ යහළුවයි බලාගන්නම්"

"පියුමිගෙන් ලැබුණු දේ මට තාමත් තේරුම්ගන්න බැහැ"

හොඳ හා නරක අතරේ අපේ ජීවිත දෝලනයවනවා. මේ ලෝකයේ කවුරුත් හොඳ මිනිස්සු නැහැ. ඒ වගේම නරක මිනිස්සුත් නැහැ.  තියෙන්නේ හොඳ හා නරක ක්‍රියාවන් විතරයි.

හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි කියලා ඉස්සර අපේ ආත්තම්මලා , සීයලා කිව්වේ නිකන් නෙමෙයි. පොඩි කාලේ ඉඳලම අහිමිවුණු දේවල් පසුපස හඹායන එක එකම ඉලක්කයක් කරා යන එක මානව සිරිතක්.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 9 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව අතට මිටට හිඟවුණු සමාජයෙන් රිදුම්කාපූ  රංජිත් ගැනයි.

රංජිත් කියන්නේ ගමක හැදුණු වැඩුනු දුප්පත් කොල්ලෙක්. ඔහු පුංචි කාලේම පියා පවුලෙන් ඈත් වී වෙනත් ලෝකයක් හොයාගෙන යනවා.

පසුව රංජිත්ගේ මව පාන්දරම කෑම හදලා කඩවල්වලට විකුණලා තමයි රංජිත්ව බලාගත්තේ. ඉතිං ඒක මවට කරන කරදරයක් කියලා හිතලා රංජිත් පාසල් ජීවිතේ 10 වසර වන විට අතරමග නතරකරනවා.

ඊට පසු ඔහු පොඩි පොඩි කුළි වැඩ කරලා මුදල් හොයන්න පටන් ගන්නවා.

ඔහොම ගෙවෙන රංජිත්ගේ ජීවිතේට ආදරයක් , පෙම්වතියක් මුණගැහෙනවා. ඇය ඇඟළුම් කම්හලක සේවය කරන තරුණියක්. ඇය රංජිත්ට හුඟක් ආදරය කරනවා.

ඒ ආදරය ගෙවල්වලින් දැනගෙන කසාද බඳන්න තමයි ඇයට අවශ්‍ය වෙලා තිබුනේ.

නමුත් මුදල් නැති ගෙදරකට රංජිත්ට බිරිඳක් ගේන්න තරම් හයියක් තිබුනේ නැහැ.

කාලයක් යනකොට රංජිත්ගේ පරක්කුව නිසාම ඇයත් ඔහුව දාලා වෙන කෙනෙකුගේ ජීවිතයක් වෙනවා.

ඒත් එක්කම රංජිත් මුදල් පසුපස හඹා යන එක වැඩිවුණා. ඒ ඔහුගේ ආදරය නැතිවුනේ මුදල් නිසා කියලයි.

ඔය අතරතුරට රංජිත්ගේ මිතුරෙකුගේ මාර්ගයෙන් පොඩි ගරාජ් එකක රස්සාවක් ඔහුට ලැබෙනවා.

පසුව ආදරයක් නැති ජීවිතයත් එක්ක සටන් කර කර ගරාජ් එකට වෙලා රස්සාව කරගෙන රංජිත් පාඩුවේ ඉන්නවා.

ඒත් මුදල් නැතිකමත්, වියදම සැර නිසාත් රංජිත් මිතුරෙකු සමග තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කරනවා. ඒ ජංගම ගණිකා ව්‍යාපාරයක්.

අතේ ඉතිරිවුණු මුදල් ටිකත් අරගෙන ඒ ව්‍යාපාරයට අවශ්‍ය වෑන් එකකුත් තවත් මිතුරෙකුගෙන් රංජිත් කුළියට ගන්නවා.

රංජිත් ඒ ව්‍යාපාරය තරුණියන් කිහිපදෙනෙක් යොදාගෙන ජයටම කරගෙන යනවා. පසුව ඔවුන් පාසල් ළමයින්ව පවා මේතරුණියන් ලඟට යොමුකරනවා .

ඔය අතරතුර ඔවුන් යහමින් මුදල් හම්බකරපු මේ ව්‍යාපාරයට පොලිසියෙන් පවා ප්‍රශ්ණ එන්න පටන් ගන්නවා.

ඒ කාලෙදිම වැඩට හිටපු පියුමි කියලා තරුණියක් එක්ක රංජිත් සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ සම්බන්ධය නිසාම රංජිත් සමාජ රෝගයකට ගොදුරු වෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

රංජිත්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,502 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,827 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,227 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,211 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  714 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  998 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  883 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,229 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,953 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  887 Downloads



Top 10 Commenters

Latest Comments

Top