Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
ඔකී සුළි කුණාටුව දිවයිනෙන් පිටවෙද්දී අන්දමන් දූපතෙන් එන කැළඹිල්ල මෙන්න

- ඔකී සුළි කුණාටුව දිවයිනෙන් පිටවෙද්දී අන්දමන් දූපතෙන් එන කැළඹිල්ල මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,778 Views
ඔකී සුළි කුණාටුවේ බලපෑම ඉවත්ව යද්දී අන්දමන් දූපත් ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වය දිවයිනට ආසන්නවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අඩුපීඩන කලාපයක් ලෙස එය වර්ධනය වීමෙන් අනතුරුව ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.


පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයට හේතුවූ ඔකී සුළි කුණාටුව මේ වනවිට පවතින්නේ දිවයිනට බටහිර දෙසින් කිලෝමීටර 1600 ක් පමණ ඈතින්.

එය තවදුරටත් දිවයිනෙන් බැහැරට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අයහපත් කාලගුණික තත්වය පහව යාමත් සමග අවතැන් කඳවුරුවල සිටි පිරිස් මේ වනවිට යළි සිය නිවෙස් වෙත යාම ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.  

මේ සඳහා තවදුරටත් රාජ්‍ය නිලධාරින්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගෙන තිබෙනවා.  

දිස්ත්‍රික්ක 16 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්වුණා.

ගං වතුර තත්ත්වය පහව යාමත් සමග ආපදාවන් ඇතිවූ ප්‍රදේශවල ජනතාව බෝවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.  

මේ අතර ලබන 12 වනදා ආරම්භවීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පාසල්වල ධුමායනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර කියා සිටියේ.

වැසි තත්ත්වය අඩුවීමත් සමග කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම බැස යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම තත්ත්වයත් සමග ජල ගැලීම් නිසා අවහිර වී තිබූ මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල මාර්ග මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට පවතින නාය යාමේ අවදානම දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවලට මීට  පෙරපනවා තිබූ නායයෑමේ අවදානම හෙට උදෑසන 9.30 දක්වා දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ.

අදාළ ප්‍රදේශවල තවදුරටත් වර්ෂාව පවතී නම්, නාය යාමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබදව විමසිලිමත් වන ලෙසටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අද දිනයේදීත් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකියි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,186 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,857 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,178 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,665 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,349 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,823 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,388 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,264 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,430 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,554 Downloads



Top 10 Commenters

Latest Comments

Top