වේදිකාවත් පුංචි තිරයත් එක වගේම ජයගත් නිළියක් තමයි දිලිනි ලක්මාලි කියන්නේ.
දිග කොණ්ඩයකට හිමිකම් කියන ඇය පුංචි කාලේ කොල්ලොක් වගේ කොණ්ඩය කොටට කපලලු තිබුණේ.
යෞවනයේ අහිංසකාවියක් වගේම අතිශය කාර්යබහුල නිළියක් වෙන දිලිනි සතිඅන්ත පුවත්පතකට ඇගේ ප්‍රථම ආදරය ගැන කියලා තිබුණේ මේ වගේ අදහසක්.
දිලිනි ආදර අත්දැකීම් විදින්නෙ පාසල් සමයේදී ?
පොඩිකාලේ මම කොල්ලෙක් වගෙයි. කොණ්‌ඩෙත් කොල්ලෙක්‌ගේ වගේ කොටට කපලයි තිබුණේ. ඒත් මේ දඟකාරකම කොලුකාරකම් මම ටිකෙන් ටික ලොකුවෙද්දි තැන්පත් වෙන්න පටන් ගත්තා. මම කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකාවේ ඉගෙන ගනිද්දි අපේ පාසල ඉදිරියෙන්මයි පිරිමි ළමයින්ගේ ඉස්‌කෝලේ තිබුණේ. ඔය පසුබිම තුළ පිරිමි ළමයින්ගේ ඇලුම් බැලුම් මගේ දිහාවටත් යොමුවුණා. ඒත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා ඔය ඇලුම් බැලුම් ළග මම නිහඩව හිටියා. හේතුව අපේ අම්මා නිතරම මගෙත් එක්‌කමයි හිටියේ. ඒ විතරක් නෙවෙයි එයා ටිකක් වසයි. ඉතින් මම බයටම ඒ දේවල් නොතකා හිටියා.
ඒ කියන්නේ පාසල් සමයේ දිලිනිට ආදර අත්දැකීමක් විදගන්නම ලැබුණේ නැහැ ?
නැහැ. අටේ පන්තියේදී තමයි මට ඉස්‌සරලාම පිරිමි ළමයෙක් ආදරය ඉල්ලල ලියුමක් දුන්නේ. ඔය දේවල් දුරදිග ගියේ නැහැ. ඒ වගේ ආදර ඇරයුම් හා පුංචි පුංචි ප්‍රතිචාර තිබුණා. ඇත්තටම දැනුම් තේරුම් වයසට එද්දි තේරුණා ඒවා ප්‍රේම සබදතාවලට වඩා පාසල් සමයේ සිද්ධවුණ දගකාරකම් ටිකක් විතරයි කියලා.
ලක්‌මාලි හා හා පුරා කියලා ආදරවන්තියක් වෙන්නේ ?
ආදරය කියන්නේ මොකක්‌ද කියලා හරියටම තේරුම් අරන් මම ආදර සම්බන්ධතාවක් ඇතිකර ගන්නේ මට අවුරුදු දහනවයක් විතර වෙද්දි. ඒක සිද්ධ වුණේ පෞද්ගලික ආයතනයකට එක්‌තරා වැඩකට ගිය අවස්‌ථාවක ඇතිකරගත්ත දැනහඳුනා ගැනීමකින්. ඒ වෙද්දි මම 2008 අවුරුද්දේ අවුරුදු කුමරිය වෙලා රංගනයට ඇරයුම් ලැබිලයි හිටියේ.
මතකද ඔබට ලැබුණ ප්‍රථම ආදර තිළිණය?
ඔව්. එයා මට ඉස්‌සරලාම තෑගි දුන්නෙන් රත්‍රං මුද්දක්.
කාලයත් එක්‌ක මේ ආදරය දුරදිග යනවාද ?
අපේ ආදරයට ටික කාලයක් යද්දිම මම ක්‍ෂේත්‍රයට ඒමත් එක්‌ක ඇතිවුණ අනවබෝධයන් එක්‌ක අපිට ඒ ආදර කතාව දුර දිග අරගෙන යන්න බැරිවුණා. අවසානයේ මම මගේ ප්‍රථම ප්‍රේමයට සමුදුන්නා.
ඉන්පසුව ඔබේ ආදර විජිතය ?
ජීවිතයේ ලබන අත්දැකීම් එක්‌ක මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි මොනතරම් ආදරය කළත් කාලයත් ඒකක් ඒ දේවල් යම් යම් කාරණා එක්‌ක වෙනස් වෙනවා කියන එක.
ඔබගේ ජීවිතයේ ආදරයක් රදවා ගන්න බැරි තරමට කාරණා මතුවුණා කියලද ඔය පවසන්නේ ?
මම මගේ පවුලේ අය ඒ කියන්නෙ මගේ අම්මයි තාත්තයි මල්ලියි එක්‌ක විශාල බැඳීමක් තියෙන කෙනෙක්. මේ කාරණයේදි මට ආදරය කළ කෙනාට මේ විසල් බැදීම නොයිවසුම් දෙන්න පුළුවන්. එතැනදී මට මගේ පවුලේ අයගේ සතුට වෙනුවෙන් ඒ ආදරයන් ගැන තීරණ ගන්න සිදුවුණ අවස්‌ථා මට තියෙනවා. මගේ ජීවිතයේ විශාලම දේ මගේ පවුලේ අයගේ සතුටයි. ඒ සතුටට බාධාවක් වෙනවනම් යම්කිසි දෙයක් එක්‌ක මගේ ජීවිතයේ රදවා ගන්නවද කියලා මට දෙවරක් හිතන්න වෙනවා.
අද දවසේ ඔබ ආදරයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින යුවතියක්‌ද ?
මම ආදරය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. දෙයක් ජීවිතයට හරි විදිහට ලැබෙන්න තියෙනවා නම් එය ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්න කෙනෙක්.
මෑත සමයේ දිලිනිගේ හිත ළග රැදි ආදරයට මොකද වුණේ ?
ආදර සම්බන්ධතාවක් තිබුණා. ඒත් ඒක අවසන් වෙලා ගියා. අද දවසේ මම මගේ වෘත්තීය දේවල් කරගෙන මගේ පාඩුවේ ඉන්නවා.
දිලිනි හිතන පතන ඔබගේ අතගන්නා ඔහු මොනවගේ කෙනෙක් විය යුතුද ?
ඒ කාලෙ අපි හිතනවනේ මේ වගේ කෙනෙක් ලැබුණොත් හොදයි කියලා. ඒත් මම දැන් තේරුම් අරන් ඉන්නවා අපි හිතන පතන ගතිගුණ තියෙන කෙනාම අපට ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මාව ආදරයෙන් බලාගන්න කෙනෙක් මට ලැබුණොත් හොදයි කියල මම හිතනවා.
දිලිනි කියන්නේ ආදරය වැනි සංවේදී තැනකදී වුණත් දැඩි තීරණවලට එළැඹෙන කෙනෙක්‌ද ?