Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
"මගෙත් එයාගෙත් ආදරයට අවුරුදු 13 ක් වෙනවා.කාලය ගියා ඒත් එකට ඉන්න වාසනාව නැතුව ඇති.." - Photos

- "මගෙත් එයාගෙත් ආදරයට අවුරුදු 13 ක් වෙනවා.කාලය ගියා ඒත් එකට ඉන්න වාසනාව නැතුව ඇති.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
"නිර්මාණය ඉවර කළාට පස්සේ සල්ලි ගෙවයිද කියන බයෙන් අපි ඉන්නේ..."

"ඒක එක හේතුවක්. අනිත් එක මුදල් ප්‍රශ්න.."

" සමහරු කැමැති සල්ලි නොලැබුණත් ටීවී එකේ පේන්න ඉන්න..."

ගායනයට, නර්තනයට මෙන්ම රංගනයට දක්ෂ ඇය මුතු තරංගා. මේ කාලයේ සංගීතයට වැඩි කාලයක් යොදවා තිබෙන ඇය අලුත් තොරතුරු ගැන හා නාට්‍ය වලට සම්බන්ධ වීමේදී ඇයට වුණු අසාධාරණකම් ගැන මේ විදිහට පුවත්පතක් හා කතා කර තිබුණා.

මුතු තරංගා කියන රංගන ශිල්පිනිය දැන් නැද්ද?
එයා ඉන්නවා.

ඒත් දකින්න ලැබෙන්නේ නැහැ නේ?
ටෙලි නාට්‍ය දහයක් විතර එන්න තියෙනවා. මේ දවස්වල මම ඉන්න ටෙලි නාට්‍ය නම් විකාශය වෙන්නේ නැහැ. මම නිර්මාණ භාර ගත්තේ නැහැ.

එහෙනම් මේ දවස්වල විවේකීව කාලය ගත කරනවා ඇති ?
එහෙම නැහැ. නර්තන ප්‍රසංග වෙනුවෙන් තමා වැඩිපුරම කාලය ගතවෙන්නේ. ප්‍රසංග තුනක් සඳහා පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා.

ටෙලි නාට්‍ය භාර නොගන්නේ ඇයි?
හොඳ නිර්මාණ ආවේ නැහැ. ඒ නිසා තමා ගොඩක් වෙලාවට භාර නොගත්තේ. තව දෙයක් මුල්‍යමය ප්‍රශ්නත් බලපෑවා. ඒ නිසා මම භාර ගත්තේ නැහැ.

අද තියෙන රැල්ලත් එක්ක ඔය කියන හේතුමත ඔබ සිටියොත්, ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න බැරි වෙයි නේ?
මම ඒ රැල්ලට කොටුවෙන්න කැමැති නැහැ. කාලයක් මම දිගටම හිටියා ටීවී එකේ. මම හිතුවා හොඳ දේකට විතරක් ඊළඟ පියවර තියන්න ඕන කියලා. සල්ලි මත්තෙම යන්නේ නැතුව හොඳ නිර්මාණ සඳහා පමණක් දායක වෙන්න ඕන කියලා සිතුණා.

හැමෝම ඔබ හිතන විදියට හිතුවොත් හොඳ නිර්මාණ බිහිවේවිද? එතැන අඩුවක් තියෙනවා නේද?
දැන් ක්ෂණික නූඩ්ල්ස් වගේ වෙලා තියෙන්නේ. ඕන තරම් පිටපත් තියෙනවා. ඕන තරම් නළු නිළියෝ ඉන්නවා. අධ්‍යක්ෂකවරු ඉන්නවා. එහෙම වේලාවකදී හොඳ එක්කෙනා තෝර ගන්න අමාරු තත්වයක් තියෙන්නේ. හොඳ නිර්මාණවලට වඩා වැඩකට නැති නිර්මාණ තමා මම වැඩිපුරම දකින්නේ. කලාතුරකින් තමා හොඳ නිර්මාණ දකින්නේ. ලියන අයගේ අඩුපාඩුවක් තියෙනවා. ඒක තමා මම අඩුවකට දකින්නේ.

දැන් ජනප්‍රියව පවතින ටෙලි නාට්‍ය කිහිපයක් තියෙනවා.ඒ තුළ මම දකින හොඳම දේ තමා පිටපත සහ දෙබස් කියන දේ. හැම දෙයක්ම ලස්සනට තියෙන නිසා නළු නිළියන්ටත් ප්‍රේක්ෂකයන් අතරට යන්න වාසනාව ලැබිලා තියෙන්නේ. මෑතක එහෙම තියෙන්නේ ටෙලි නාට්‍ය දෙක තුනක වගේ. ස්ක්‍රිප්ට් එක හොඳට තියෙන නිසා තමා ඒවා ජනප්‍රිය වෙන්නේ. ඉස්සර හැම නාට්‍යයක්ම හැමෝම බලනවා අාසාවෙන්. ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන අපි කුතුහලයක් තියෙනවා නේ. දැන් බහුතර ටෙලි නාට්‍යවල වෙන්නේ කුතුහලය කියන දේ නැහැ. අපි දන්නවා ඉස්සරහට වෙන්න තියෙන දේ. එහෙම ටෙලි නාට්‍ය කරනවාට වඩා කුතුහලය එක්ක ටෙලි නාට්‍ය බිහිවෙනවා නම් හොඳ නිර්මාණ බිහි වෙනවා. දක්ෂ නළු නිළියෝ බිහි වෙනවා.

මුතූ කියන රංගන ශිල්පිනිය ටෙලි නාට්‍යවල දකින්න නොලැබෙන්නේ ඒ හේතුව නිසාද?
ඒක එක හේතුවක්. අනිත් එක තමා මුදල් ප්‍රශ්නේ. මුදල් ප්‍රශ්නේදි මට ගොඩක් අසාධාරණකම් වෙලා තියෙනවා නාට්‍ය කිහිපයකදීම. මේ මෑතකත් එක ටෙලි නාට්‍යයක මුදල් දෙන්නේ නැතුව, පොඩි ගාණයි දෙන්න තිබුණේ, අවු.2 2/1 සල්ලි ගෙවන් නැතුව ඉඳලා ඊට පස්සේ මාව ෂූටින්වලට ගන්න සල්ලි ගෙවන්න හදනවා. ඒකට මම අකැමැති වුණු නිසා වෙන නිළියක් දාලා රූපගත කිරීම් කරනවා කියලා මට ආරංචිය ලැබුණා . සමහර ප්‍රවීණ නළු නිළියෝ එහෙම ඉල්ලුවේ නැහැලු. මම විතරයිලු එහෙම ඉල්ලුවේ කියලා කියනවා. එහෙම දේවල් තියෙනවා. මගේ ජොබ් එක තමා රංගනය.

අපේ තියෙන ප්‍රශ්නේ තමා, අපි රංගන ශිල්පිනියන් වුණාට වෘත්තීය මට්ටමෙන් ඒ දේ කරගෙන යන්න හරි අමාරුයි. ඒ කියන්නේ මිනිස්සු අපිව අඩු ගාණකට ගන්න හදන්නේ. අවු. 8කට 10කට ඉස්සර ගත්ත ගාණට තමා අපිව ගන්න හදන්නේ.එතකොට ඒ තැනදීත් අපි හිත් රිදවීම් ඇති වෙලා තමා නාට්‍යයට යන්නේ. ඒකට මම කැමැති නැහැ. ඉදිරියට යන්න යන්න ආර්ටිස්ට් කෙනකුගේ ගාණ වැඩි වෙන්න ඕන. අද හැමදේම ගණන් වැඩි නේ. ඔය කාරණාව අද ක්ෂේත්‍රයේ කවුරුත් කතා නොකරන ප්‍රශ්නයක්. අපිට දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ බයෙන්. අපි නිර්මාණය ඉවර කළාට පස්සේ සල්ලි ගෙවයිද කියන බයෙන් ඉන්නේ. ඒ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා.

ගොඩක් රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ඔය අසාධාරණය වෙනවා ඇති. ඇයි ඔබ විතරක් මේ ගැන කතා කරන්නේ ?
එක එක එක්කෙනාගේ වෘත්තීය මට්ටම් අනුව තීරණය වෙනස් වෙනවා. සමහරු මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ විනෝදාංශයක් විදියට. අනිත් එක ගොඩක් වෙලාවට ගොඩක් අය කැමැති මේ ක්ෂේත්‍රයේ ගොඩක් කල් රැඳිලා ඉන්න. ඒ අය කැමැති නැහැ ඒ අයගේ අඩුපාඩු පිට දෙන්න. සමහරුන්ට වෙන අාදායම් මාර්ග තියෙනවා. මට එහෙම ආදායම් මාර්ග නැහැ. මගේ ජීවන වෘත්තීය තමා රංගනය . ඒ වුණාට මට වැඩිපුරම කාලයක් ගෙදරට වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා. හේතුව අරවගේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැරි නිසා. සමහරු කැමැති සල්ලි නොලැබුණත් ටීවී එකේ පේන්න ඉන්න. තවත් අය කැමැති අඩුවට වැඩ කරලා වැඩිපුර ටීවී එකේ පෙනී ඉන්න ඒක ඉතින් එක එක්කෙනාගේ විදිය. මගේ ප්‍රතිපත්තිය නම් හොඳ නිර්මාණයකට දායක වෙලා ඒකට හරි ගාණක් ලැබෙනවා නම් එතැන තමා අපි තෘප්තිමත් වෙන්නේ.

ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද කතා කරන්නේ ?
ක්ෂේත්‍රයේ ඉන්න කිහිප දෙනෙක් මගේ වැඩ ගොඩක් නැති කරලා තියෙනවා. තව නැති කරනවා කියලත් මම දන්නවා. ඒ නිසා ක්ෂේත්‍රය ගැන ගොඩක් කලකිරීමෙන් ඉන්නේ.

මුතූට ක්ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?
දැන් ඉන්නවා කියලා මට ආරංචි වෙලා තියෙනවා. මට වුණු දේවල්වල දී මං දන්නවා ඉන්නවා කියලා. මම හිතුවේ නැහැ මා එක්ක තරහ අය ඉඳීවි කියලා. මොකද මම හැමෝමත් එක්ක කතා කරලා, හීනා වෙලා හොඳින් ඉන්න උත්සාහ කරන කෙනෙක්.

ඇයි විවාහය ප්‍රමාද කරන්නේ?
සමහර විට ඒ වාසනාව දැන්ම නැතිව ඇති. ඒ වාසනාව මට ලැබුණු දවසක එක තැනකට වෙයි. මගේත් නිශාන්තගේත් ආදරයට අවු. 13 ක් වෙනවා. කාලය ගියා ගොඩක් ඉතින්. බලමු එන අවුරුද්දෙවත් එක තැනකට එන්න.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top