Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
රටම කැළඹූ අයහපත් කාළගුණය කළ හදියක් - 7ක් මරුට - 5ක් අතුරුදන් - Video

- රටම කැළඹූ අයහපත් කාළගුණය කළ හදියක් - 7ක් මරුට - 5ක් අතුරුදන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,243 Views
20,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට...

විදුලිය බිද වැටීම් හේතුවෙන් පීඩාවට පත් සංඛ්‍යාව අට ලක්ෂ 6108ක්...

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන්  5 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, 20,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති අඩු පීඩන අවපාතය පෙරේදා පස්වරු වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබුණා.

මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර වේගයෙන් හමන තද සුළං තත්ත්වයක් වර්ධනය වුණා.

එදින රාත්‍රී 8 පමණ වන විට පීඩන අවපාතය වී ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ඉන්දීය සාගරයේ ස්ථාන ගතව තිබුණේ  ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින්.

මේ හේතුවෙන් දිවයිනේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශවල  තද වැසි සහ ඉතා තද සුළං තත්ත්වයක් ඇතිවුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් අවස්ථාවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80 ද ඉක්මවා පැවති බවයි.

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත් අතර එම මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90 ත් 100 ත් අතර පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වයත් සමඟ දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි වාර්තා වුණා.

පෙරේදා පස්වරුවේ අධික සුළං සහ වැසි සහිත කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වුණේ දිවයිනේ දකුණු සහ බස්නාහිර ප්‍රදේශයටයි.

මෙම තත්ත්වය කොළඹ නගරයට ද දැඩිව බලපැවැත්වුණු අතර, කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක  ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී තිබූ අතර විශාල දැන්වීම් පුවරු රැසක් ද දැඩි සුළගත් සමග බිම පතිත වී තිබුණා..

මේ හේතුවෙන් වෙළදසැල් මෙන්ම විදුලි රැහැන් පද්ධතිවලට ද අලාභ හානි සිදුව තිබුණු බවයි වාර්තාවුණේ.

ඇතැම් ස්ථානවල කඩා වැටී තිබූ ගස් රාත්‍රීයේම ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත්තා.

දිවයිනේ දකුණු දිග ප්‍රදේශයට ද දැඩි සුළං හා වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර, ගාල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ඒ හේතුවෙන් බලපෑම් එල්ලවුණා.

මේ හේතුවෙන් බොහෝ ස්ථානවල ගමනාගමන කටයුතුවලට එල්ල වූයේ දැඩි බාධාවක්.

ගස් කඩා වැටීමෙන් ත්‍රී රෝද රථ සහ මෝටර් රථ කිහිපයකට අලාභ හානි සිදුව තිබුණා.

මිට අමතරව බදුල්ල, හැටන්, ඇතුළු නගර රැසකට ද දැඩි සුළං හා වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වුණා.

පෙරේදා රාත්‍රීයට සාපේක්ෂව ඊයේ පෙරවරුව වනවිට අයහපත් කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත් බොහෝ ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණා.

ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියේ සිදුවූ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ පෙරවරුවේ කටයුතු කළා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ විදුලිය බිද වැටීම් හේතුවෙන් පීඩාවට පත් සංඛ්‍යාව අට ලක්ෂ 6108 ක් බවයි.

ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිරව තිබූ අතර, විදුලි, දුරකතන පද්ධතිවලට ද බරපතළ හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක පස්කදු කඩා වැටීමේ සිද්ධීන්ද වාර්තා වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගස් කඩා වැටීම් සහ නායයාම් හේතුවෙන් පූර්ණ නිවාස හානි 202 ක් සහ අර්ධ නිවාස හානි 3000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

පස්කදු හා ගස් කඩා වැටීමෙන් වෙරළබඩ සහ උඩරට මාර්ගයේ දුමර්ය ධාවන කටයුතු වලට බාධා එල්ල වූ අතර මේ වන විට වෙරළබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් උඩරට මාර්ගයේ දුමරිය ධාවනය කොළඹ සිට නානුඹය දක්වා සීමා කර තිබුණා.

කිරිබත්ගොඩ, මඩොල්සිම, අම්බලන්ගොඩ, හික්කඩුව ආදි ප්‍රදේශවලින් පුද්ගල මරණ වාර්තා වී තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ලොරියක් මතට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 5 දෙනෙකු තුවාල ලැබුවා.

මීට අමතරව අම්බලන්ගොඩ සහ දොඩම්දූව යන වරායවලින් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකුගේ මළසිරුරු අම්බලන්ගොඩ සහ කොස්ගොඩ ප්‍රදේශවලින් ඊයේ පෙරවරුවේ හමුවී තිබෙනවා.

දොඩම්දූව ධීවර වරායෙන්  පෙරේදා දිනයේ ධීවර යාත්‍රා 7 ක ධීවරයින් 14 දෙනෙකු ධීවර රැකියාව සදහා පිටත්ව ගොස් ඇති අතර,  මේ වනවිටත් ඉන් තිදෙනෙකු අතුරුදන්ව සිටිනවා. ‍

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර, දකුණ, ඌව සහ මධ්‍යම පළාත්වල පාසල් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඊයේ  දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා.

එම අමාත්‍යාශය නිවේදනය කළේ සුදුසු පරිදි ඉදිරි දිනවලදී මේ දිනවල පැවැත්වෙන වාර විභාගයේ කටයුතු සිදු කරන බවයි.

ඊයේ උදෑසන වන විට කොළඹ සිට කිලෝමීටර් 200 ක් පමණ ශ්‍රී  ලංකාවට බස්නාහිර දෙසින් ඉන්දියන් සාගරයේ පැවති ගැඹුරු පීඩන අවපාතය පෙරවරු 10 වන විට කොළඹින්කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින්සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තිබුණා.

කාලගුණ වාර්තාවලට අනුව එය මේ වන විට අරාබි මුහුදු ප්‍රදේශය වෙත තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බවටයි.

ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත්ව සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

මේ අතර, ඊයේ පස්වරුවේ බම්බලපිටිය මුහුදු තිරයට  ධීවර බෝට්ටුවක් ගොඩගසා තිබුණේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  193 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  178 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,174 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,178 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,744 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,570 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,236 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,188 Downloads



Top 10 Commenters

Latest Comments

Top