ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දකුණු කොරියානු රජයේ උපහාරය පුදමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනැමුණා.
ඒ, ජනාධිපතිවරයාගේ තුන්දින දකුණු කොරියානු රාජ්‍ය සංචාරය අතරතුරයි.
දකුණු කොරියාවේ සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති නිලකාර්යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නගරාධිපති පාක් වොන් සූන් මහතා විසින් පිළිගනු ලැබුවා.
නගරාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තුළ තිබෙන නොපසුබස්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවයි.
ඊට ගෞරවයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිවරයා වෙත පිරිනමන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එය සංඛේතවත් කරමින් ජනාධිපතිවරයා වෙත පුරවැසිභාවයේ සහතිකය, පදක්කම සහ වර්ණවත් සළුව පිරිනැමුණා.
මෙවැනි පුරවැසිභාවයක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා රජයට සහ රටවැසියන්ට දැක් වූ ගෞරවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ස්තුතිය පිරිනමා තිබෙනවා.