එකල රජ සැප සම්පත් මැද හැදී වැඩුනු හිටපු ජනාධිපතිනියගේ සුරතලිය වූ‘‘කුකී‘‘ නම් බැල්ල මියගොස් ඇත.
මෙම බැල්ලට කොයිතරම් සැලකිලි ගරුබුහුමන් ලැබුනාද කිවහොත් හිටපු ජනාධිපතිනිය සහභාගී වන කැබිනට් රැස්වීම් වලට පවා "කුකීව" රැගෙන යාම සාමාන්‍ය දෙයක්ව පැවතිනි.
අරලියගහ මන්දිරයේ පැවති බොහෝ රැස්වීම් වලටද මෙම බැල්ල හිටපු ජනාධිපතිනිය පෙරටුකොට ගෙන පැමිණීම නිසා එකළ ඇතැම් ඇමතිවරුන් ජනාධිපතිනිය ඒ යැයි සිතා අසුන්වලින් නැගිට සිටීමද සුලබ කරුණක් විය.
ඇයගේ පාලන කාලයේදී මෙම කුකී නම් බැල්ලට අරලියගහ මන්දිරයේ ඕනෑම ස්ථානයක යෑමේ නිදහස තිබූ අතර රජකුට මෙන් සැලකුම්ද ලැබුණු බව කියවෙයි. එකල රටේ ප්‍රශ්න කෙසේ වෙතත් බැල්ලියගේ ප්‍රශ්ණ විසඳීමට නම් බොහෝ අය සිටි බවද වාර්ථා වේ.
කෙසේ නමුත් මෙම සුරතලා මියයාමෙන් පසු පවුලේ සුසාන භූමියේ මිහිදන් කර ඇත.